counter hit xanga
March 26, 2023

ගින්නෙන් විනාශ වු වතු නිවාස වෙනුවට නව නිවාස

Last Updated on April 25, 2021 by Desman Chathuranga

හැටන් කොටගල ක්‍රිස්ටස්ෆාම් වතු යායේ නව වතු නිවාස 12 ක් ඉදි කිරිම් කටයුතු වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සවිබල ගැන්විමේ රාජ්‍යය අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් (25) දින සිදු කෙරිණ.

හැටන් කොටගල ක්‍රිස්ටස්ෆාම් වතු යායේ 2019 වසරේ ගින්නෙන් විනාශ වු වතු නිවාස වල පදිංචි අවතැන් වුවන් වෙනුවෙන් මෙම නව වතු නිවාස 12 ඉදි කර ඔහුන් වෙත ලබාදිමට නියමිතය.

වර්ග අඩි 750 ක වපසරියකින් විසිත්ත කාමරයක්, නිදන කාමර දෙකක් , මුළුතැන්ගෙයක් , වැසිකිලි පද්ධතියක් , මං මාවත් , විදුලිය සහ පානිය ජලය ඇතුළු සියළු පහසුකම් වලින් සමන්විතව මෙම නිවාස 12 ඉදි කිරිමට නියමිතය.මෙම එක් නිවසක් ඉදි කිරිම සදහා රු ලක්ෂ 13 ක ප්‍රතිපාදන වැය කර ඇත.පර්වස් 10 ක ඉඩමක තනි තනි නිවාස වශයෙන් මෙම නිවාස ඉදි කිරිමට නියමිතය.

නව නිවාස ව්‍යාපෘතිය වැඩ කටයුතු ආරම්භ කල අවස්තාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන්, ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති කනපති කනගරාජ් යන මහත්වරුන්ද සහභාගි වි සිටිහ.