Last Updated on June 24, 2021 by Desman Chathuranga
සමගි ජන බලවේගයට සහය දැක්වීම නිසා පක්ෂයෙන් ඉවත් කෙරුණු මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වෙනුවට පත් කෙරුණු නවක මන්ත්‍රීවරු ලබන සඳුදා සිය ධුර වල දිවුරුම් දිමට නියමිතයි.
පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී නවක මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදු කෙරෙන්නේ එක්සත් ජාතික පක්ෂ UNP නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය නීතිවලට අනුකූලව පැවැත්වෙන කෙටි උත්සවයකදීය.
සමගි ජන බලවේගයට එක් වීම නිසා එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් 69දෙනකු පක්ෂයෙන් නෙරපූ අතර ඔවුන් වෙනුවට මෙම සභිකයින් පත්කළ බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
ඊට අමතරව ඉල්ලා අස් වූ මහ නගර සභා නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වෙනුවට ද නවක සභිකයන් පත් කරන බව රංගේ බණ්ඩාර මහතා කීය.
More Stories
රනිල්ගේ මෝඩභීමානී විශේෂ ප්‍රකාශ සහ පාර්ලිමේන්තු යන මහා හොරු!
රනිල් පච කියද්දී, bloomberg ඇත්ත කියයි!
දවස් 5ට ඩොලර් මිලියන 308 ක් අරන් දාපු සෙල්ලම!