counter hit xanga
June 26, 2022

සංචරණ සීමා ගැන අලුත් තින්දුව!

Last Updated on June 26, 2021 by Panduka Herath

මුළු දිවයිනටම එකවර සංචරණ සීමා පැනවීමක් ඉදිරියේදී සිදු නොකිරීමට දැනට තින්දුවක් ගෙන තිබේන බව වාර්තා වේ. ඊයේ ( 25) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී මෙම තීන්දුව ගෙන තිබේන බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත්, පළාත් අතර සංචරණ සීමා පෙර පරිදි ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට එහිදි තීරණය කර තිබේ.

විවිධ උත්සව වැනි ජනතාව ඒකරාශී වන කිසිදු කටයුත්තක් සඳහා අවසර හිමි නොවන අතර රාජ්‍ය හා පෞද්ගලික ආයතන ද සීමිත සේවක පිරිසක් කැඳවා කළ යුතු බවත් මෙම සියලු කටයුතු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලබාදී ඇති උපදෙස්වලට අනුව කළයුතු බවට නියෝග දිගටම ක්‍රියාත්මක කිරිමටද තීන්දු කර තිබේ.

මේ අතර ආරක්ෂිත පියවර නොගතහොත් ඉදිරි සති 8 සහ 10 තුළ රටේ ප්‍රධාන වයිරසය බවට ඩෙල්ටා ප්‍රභේදය පත්විය පත් විය හැකි බවට අනතුරු අගවා තිබේ.රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බවයි.

මෙම ඩෙල්ටා වෛරස් ප්‍රභේද ය ගැන පර්යේෂණ සිදුකරන විශේෂඥයින් මේ සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇති බැවින් ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගඋපදේශ අනිවාර්යයෙන් පිළිපැදිය යුතු බවත් නො එසේ නම් එසේ නම් ඉදිරි සති 8 බරපතළ තත්ත්වයකට පත්විය හැකි බවත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරනවා.