counter hit xanga

ඡන්ද විමසිමට නව තාක්ෂණය!

Last Updated on May 19, 2021 by Desman Chathuranga

වර්තමානයට ගැලපෙන සියලුම දෙනාට එකඟවිය හැකි අකාරයේ මැතිවරණ ක්‍රමවේදයක් සකස් කිරිම සදහා අවධානය යොමුකර තිබේ. ඒ මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සභාපති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වු අවස්ථාවේදීයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ සැසිවාරයට එක්වෙමින් මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශයන් පිළිබඳව එහිදි අවධාණය යොමුකල බවත් එහිදි සමානුපාතික ඡන්ද ක්‍රමවේදයේ සාධනීය ලක්ෂයන් රැකගනිමින් ජනතාවගේ සaජු ප්‍රජාතන්ත්‍රවාදි නියෝජනය පවත්වාගෙන යැම සම්බන්ධයෙන් සාකච්ඡා කල බවත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා ecast විශේෂ නියෝජිත සමග සදහන් කර තිබේ.

ඒ අනුව වර්තමානයට ගැලපෙන සියලුම දෙනාට එකඟ විය හැකි මැතිවරණ ක්‍රමවේදයක් සකස් කිරිම් සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා වු අතර ඒ සම්බන්ධයෙන් අදහස් හා යෝජනා කැදවිම සදහා මාසක කාලයක් ලබාදිමටද තිරණය කර තිබේ. ඊට අමතරව විශ්වවිද්‍යාලය,විවිධ පර්යේෂණ සහ උගතුන්ගේ අදහස් මෙන්ම දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ වලින්ද අදහස් ලබා ගැනිමට එහිදි අවධානය යොමුකර තිබේ. රටේ ජනතාවටද මැතිවරණ ක්‍රමවේදය සම්බන්ධයෙන් අදහස් හා යෝජනා දැක්විමට අවස්ථාව ලැබෙන අතර ඊට අදාළ පුවත් පත් දැන්විම් සහ මාධ්‍ය හරහා දැනුවත් කිරිම් ඉදිරියේදි සිදුකිරිමට නියමිතයි.

දැනට සිදුකරන මැතිවරණ ක්‍රමවේදය යටතේ ඡන්ද විමසිමක් සදහා විශාල වශයෙන් දැරිමට සිදුවන පිරිවැය අවම කර ගැනිම සදහාද එහිදි සාකච්ඡාවට ගෙන තිබේ. නව තාක්ෂණය භාවිතා කිරිම සම්බන්ධයෙන්ද එහිදි අවධානය යොමුවු බවත් සමස්තයක් ලෙස ජනතාවට පිලිගත හැකි ක්‍රමවේදයක් සකස් කිරිම කමිටුවේ ප්‍රධාන අරමුණ වි තිබේ.

මැතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා අපේක්ෂකයන් වියදම් කරන මුදල් සම්බන්ධයෙන් විධිමත් මෙන්ම විනිවිඳ ක්‍රමවේදයක් සකස් කිරිමට සහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් මහජන නියෝජිතයෙකු ලෙස පත්වු පසු ඔහු පක්ෂයේ ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කිරිමට හැකිවන පරිදි පක්ෂ ශක්තිමත් කිරිමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරිමේ අවශ්‍යතාව පිළිබඳවද සාකච්ඡා කරන බව විශේෂ කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සදහන් කර සිටියා.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නැවතත් ජුලි 21දින රැස්විමට නියමිතයි.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සෙසු සාමාජිකයන්

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, මහාචාර්ය, අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා, අමාත්‍ය එම්. යූ. එම්. අලි සබ්රි මහතා, අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා ,පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා.අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ,අමාත්‍ය විමල් වීරවංශ මහතා.