Last Updated on May 11, 2021 by Desman Chathuranga
නීතිපති සම්බන්ධීකරණ නිළධාරිනිය ලෙස පුරා වසර දෙකක කාලයක් තුල කළ සේවය මැයි 24 වනදායින් පසුව අවසන් කරන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න පවසයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 136 ක කාලයකට පසුව දෙපාර්තමේන්තුව හරහා ජනතාව වෙත තොරතුරු සන්නිවේදනය කිරීමේ අරමුණ ඇතිව නීතිපතිපතිවරයාගේ සංකල්පයකට අනුව ඉකුත් 2019 මැයි මස 21 වන දින නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනිය ලෙස නිශාරා ජයරත්න මෙනවිය පත්විය.
එම වසර දෙකක කාලය පුරා තම සේවය නොබියව කාර්යක්ෂමව ජනතාව වෙත ලබා දීමට කටයුතු කිරීමට මෙම තනතුරට පත් කළ නීතිපතිවරයා වෙත බෙහෙවින් ස්තූතිවන්ත වන බව පැවැසූ ඈ මෙම කටයුතු සිදු කිරීමට සහාය ලබා දුන් ජන මාධ්‍ය සියල්ලට ම තම ස්තූතිය පුදකරන බවද සදහන් කළා.
ජනතාවට අවබෝධ වන අයුරින් නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය හා එහි බලය විනිවිදභාවයෙන් විධිමත් ලෙස ලබා දීමට තම ආයතනය මෙන් ම නව තනතුර ද භාවිතයට ගෙන පුරා වසර දෙකක කාලයක් තුළ ඉතාමත් කැපවීමෙන් කටයුතු කළ බවයි ඇය මාධ්‍ය හමුවේ සදහන් කර තිබුනේ.
මේ අතර, නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ ධූර කාලය ද එළඹෙන මැයි 24 වන දා අවසන් වීමට නියමිතයි.
buy priligy pills What Do You Need to Order It