Last Updated on June 27, 2021 by Desman Chathuranga
රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කිරීම සඳහා ගත් පියවර කිසිවිටෙකත් පසුපසට ගන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යලි අවධාරණය කරනවා.එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී ගොවීන් අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා අවධාරණ කර සිටියා.
අද (27) අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය හමුවේ ජනාධිපතිවරයා මේ බව සදහන් කර සිටියා.
මෙම තීරණය නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් ගත් එකක් බවත්, රසායනික පොහොර භාවිතය නිසා දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකින් පීඩා විඳින අතර එමගින් පරිසරයට සිදුවන හානිය අති විශාල බවත් ජනාධිපතිවරයා මහා නායක හිමියන් හමුවේ අවධාරණය කළා.
රසායනික පොහොර ආනයනය සඳහා රජය වාර්ෂිකව ඩොලර් මිලියන 400කට අධික මුදලක් රජය වැය කරන අතර කාබනික පොහොර භාවිතය මගින් විදේශීය ආයතන වෙත ඇඳී යන එම මුදල රටේ ගොවි ජනතාව වෙත ලබාදීමට හැකිවන බව ද ජනපති පෙන්වා දි තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (26) පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගැනිමෙන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ අනු නායක ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන්,මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ,මල්වතු පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් බැහැ දුටුවා.
http://buystromectolon.com/ – ivermectin for cattle
priligy tablets over the counter
[url=http://cheapdrugs.store/#]best ed pills non prescription[/url]
stromectol how much it cost ivermectin drug
https://diflucan.icu/# diflucan pill price
https://erectionpills.best/# mens ed pills