counter hit xanga
February 3, 2023

ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංගයක්!

Last Updated on June 16, 2021 by Desman Chathuranga

බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංගයක් අත්සන් ගැනිමට සමගි ජන බලවේගය SJB කටයුතු කරමින් සිටි.

එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරන්නේ ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා වගකිවයුතු බවට සඳහන් කරමින් හැකි ඉක්මනින් මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

යෝජනාව සම්මත කර ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ JVP ,දෙමළ ජාතික සන්ධානය TNA, ද සහාය ලැබෙන බව ද ලේකම්වරයා සදහන් කර සිටියා.

මීට අමතරව ඉන්ධන මිල ඉහල දැමීමට විරුද්ධව ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සහාය ද ඊට ලැබෙන බව ඔහු විශ්වාසය පලකර සිටියා.