counter hit xanga
October 21, 2021

X-Press Pearl නෞකාවෙන් තෙල් කාන්දුවක් නෑ!

Last Updated on June 10, 2021 by Panduka Herath

ගීනිගෙන මුහුදුබත් වු X-Press Pearl නෞකාවෙන් ඊයේ සවස් වන විට තෙල් කාන්දු වූ බවට තහවුරු වී නොමැති බව එම නෞකාවේ මවු සමාගම වන X-Press Feeders තහවුරු කර සිටි.

තෙල් කාන්දුවක් ඇති වි ඇති බවට ජාත්‍යන්තර ප්‍රවෘත්ති ඒජන්සිය නෞකාව අවට ප්‍රදේශයේ චන්ද්‍රිකා ඡායාරූපයක් ප්‍රකාශයට පත් කරමින් කල ප්‍රකාශය එම සමාගම ප්‍රතිකේෂ්ප කර සිටි.

මේ අතර නැව් ක්‍රියාකරුවන් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ දේශීය වේලාව සවස 6.වනවිට වන විට, සුන්බුන් පිළිබඳ කිසිදු සලකුනක් සහ ඉන්ධන තෙල් දූෂණය පිළිබඳ තහවුරු වූ වාර්තා නොමැති බවයි. මේ වනවිටත් ඔහුන් ස්ථානීය තත්ත්වය නිරීක්‍ෂණය කරමින් පවති.’

මේ අතර මේ සම්බන්ධයෙන් ධීවර අමාත්‍ය කාංචනා විජේසේකර මහතාගෙන් කල විමසීමකදි ඔහු සදහන් කළේ පිළිස්සුණු නෞකාවෙන් මුහුදට වැටුණු නෞකාවේ සුන්බුන් තෙල් ලෙස වරදවා වටහාගෙන ඇති බවයි.

ධීවර අමාත්‍ය කාංචනා විජේසේකර ඊයේ රාත්‍රියේ ඩේලි මිරර් පුවත්පතට පැවසුවේ පිළිස්සුණු නෞකාවෙන් මුහුදට වැටුණු නෞකාවේ සුන්බුන් තෙල් ලෙස වරදවා වටහාගෙන ඇති බවයි.

නැව් පසුපස කොටස මීටර් 21 ක් පමණ ගැඹුරකින් මුහුදු පතුලේ ඉතිරිව ඇති අතර ඉදිරි කොටස පාවෙමින් පවතින අතර එය ස්ථාවරව පවතින බවද වාර්තා වි තිබේ.ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය සුන්බුන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මේ වනවිට ක්‍රියාකරමින් සිටි.

මිට අමතරව යම් ආකාරයක තෙල් කාන්දුවිමක් සිදු වුවහොත් ඊට පිළියම් යෙදිම සදහා International Tanker Owners Pollution Federation Ltd හෙවත් ITOPF සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය එම ස්ථානයට ගොස් ඇති අතර ඔහු තත්ත්වය අධීක්‍ෂණය කරමින් සිටි.යම්කිසි කාන්දුවීමක් වාර්තා වුවහොත් එම කණ්ඩායම් ඊට එරෙහිව කටයුතු කරනු ඇතී.

කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් දුරින් ගිනිගැනීමට ලක්වූ MV X Press pearl නෞකාවෙන් සිදුවන තෙල් කාන්දුවක් බවට සැකකළ හැකි යමක් දර්ශනය වන බව Marine pollution surveillance report නමැති වාර්තාවක් පෙන්වා දි තිබේ. එම වාර්තාව සකස් කර ඇත්තේ චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් භාවිතා කරමින් ය. එම පුවත පාදක කරගනිමින් ලංකාවේ ඇතැම් වෙබ් සහ සමාජ ජාලා පුවත් මවන්නන් ගිලුනු නෞකාවෙන් ඉන්ධන කාන්දු වන බවට පුවත් පලකර තිබේ.