counter hit xanga
February 4, 2023

දින 14ක් රට වහන කතා බොරු!

Last Updated on May 21, 2021 by Desman Chathuranga

දින 14ක කාලයක් රටවසා දමන බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ලබන ජුනි 01 දා සිට දින 14ක කාලයක් රට වසා තමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා පිළිබඳව අදහස් දක්වමින් හමුදාපතිවරයා මේ බව කියා සිටියා.

රට වසා දැමීමට කිසිඳු තිරණයක් ගෙන නොමැති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන අසත්‍ය වාර්තා පිළිබඳව නොරැවටෙන ලෙසද ඔහු ඉල්ලා සිටියා.

මෙම මාසයේ පවතින සංචරණ සීමාවන් මෙමස 31 වනදා අවසන් වීමට නියමිත අතර අද පස්වරුවේ සිදු වූ විශේෂ සාකච්චාවකදී ලබ මාසයේ (ජූනි) මුල් සති දෙක (දින 14ක්) රට තුල සංචරණ සීමා දැඩි කිරීමට තීරණය කර ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. දින 14ක් රට වසා තබමින් සංචරණ සීමා දැඩි කරන ලෙස මෙරට සියළුම වෛද්‍ය සංගම්ද ජනාධිපතිතුමාගෙන් ලිඛිතව ඉල්ලීමක්ද අද ඉදිරිපත් කර ඇති බවට අසත්‍ය පුවතක් සමාජ ජාලා වල ඉතා සුක්ෂම අයුරින් පලකර තිබුනා.

එම පුවත අවසානයේ “පළමු වරට ඔබට අණාවරණය කරනු ලැබුවේ Just In අප පුවත් කණ්ඩායම විසිනි.” යනුවෙන් දක්වා තිබු අතර ඒ අනුව ස්වයං වින්දනය ලැබිමක් වෙනුවෙන් මෙම පුවත් පලකිරිමට කිසියම් කණ්ඩායමක් කටයුතු කර තිබේන බවද වටහා ගත හැකිය.