Last Updated on March 9, 2022 by Desman Chathuranga
ජාතීන් හෝ ආගමික කණ්ඩායම් වශයෙන් කිසියම් හෝ ජනවර්ගයකට වෙනයම් ආකාරයකට සැලකීම නොකළ යුතු බවට ජාතික ප්‍රතිපත්තියක් ලෙස ව්‍යවස්ථාගත කිරීමේ වැදගත්කම සාකච්ඡාවට ගැනුනා.
“එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (07) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක හමුවු අවස්ථාවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
“The importance of legislating as a national policy to ensure that no ethnic or religious group is treated differently was discussed during this meeting.”
ජාතීන් හෝ ආගමික කණ්ඩායම් වශයෙන් කිසියම් හෝ ජනවර්ගයකට වෙනයම් ආකාරයකට සැලකීම නොකළ යුතු බව ජාතික ප්‍රතිපත්තියක් ලෙස ව්‍යවස්ථාගත කිරීමේ වැදගත්කම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුනු අතර බලකායේ ඉදිරි කටයුතු හා අත්කරගත් ප්‍රගතිය අධ්‍යනය කිරීමෙන් පසු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන සංකල්ප පත්‍රිකාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ සහාය අවශ්‍ය බව බලකායේ සාමාජිකයෝ පැවසූහ.
ශ්‍රී ලංකාව තුළ “එක රටක් එක නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් සහ මතවාද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රට තුළ එය ක්‍රියාත්මක කිරීම සඳහා වූ සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කෙරිණ. පසුගියදා එහි කාලසීමාව 2022-02-28 දින සිට මාස 03 කාලසීමාවක් දක්වා දිර්ඝ කරන ලදී.
“ජාතීන් හෝ ආගමික කණ්ඩායම් වශයෙන් කිසියම් හෝ ජනවර්ගයකට වෙනයම් ආකාරයකට සැලකීම නොකළ යුතු බවට ජාතික ප්‍රතිපත්තියක් “
බලකායේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය මගින් පළ කරන දැන්වීම් අනුව විවිධ වෘත්තිකයන්, රාජ්‍ය නොවන සංවිධාන, විවිධ ආගමික කණ්ඩායම්, විවිධ ජන කොටස්, විශ්වවිද්‍යාල ප්‍රජාව, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු විවිධ පාර්ශ්වයන් තැපැල් මගින්, විද්‍යුත් පණිවිඩ මගින් සහ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටා ඇති බලකායේ කාර්යාලයට පැමිණ ඔවුන්ගේ අදහස් වාචිකව මෙන්ම ලිඛිතව ඉදිරිපත් කළහ.
මීට අමතරව බලකායේ සාමාජිකයන් දිවයිනේ විවිධ පළාත්වලට ගොස් එම ප්‍රදේශවල ජන කොටස්, ආගමික නායකයන් ඇතුළු සාමාන්‍ය මහජනතාව ද හමුවී ඔවුන්ගේ අදහස් ලබාගත්හ.මේ වන විට පළාත් 06ක් ආවරණය වන ලෙස ජනතා අදහස් ලබාගෙන ඇති අතර ඉතිරි පළාත් 03හි ජනතාව ද හමුවී අදහස් ලබාගන්නා බව බලකාය පවසයි.
කාර්ය සාධක බලකායේ සභාපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමින් වහන්සේ, සෙසු සමාජිකයන් වන මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, නීතිඥ සංජය මාරඹේ, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සුමේධ වීරවර්ධන, එරන්ද නවරත්න, පානී වෑවල, අයියම්පිල්ලෙයි දයානන්දරාජා, යෝගේශ්වරී පත්ගුනරාජා, අසීස් නිසර්දීන්, කලීල් රහුමාන්, වෛද්‍ය සුජීව පණ්ඩිතරත්න යන මහත්වරු සහ ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය මේ අවස්ථාවට එක්ව සිටියහ.

The members of the Presidential Task Force for “One Country, One Law” met with Speaker Mahinda Yapa Abeywardena and Secretary-General of Parliament, Dhammika Dasanayake at the Parliamentary Complex, yesterday (07).
The members of the Task Force stated that the assistance of the Members of Parliament is required to implement the recommendations contained in the Concept Paper which is to be submitted to the President after studying the future activities and progress made by the Task Force.
The importance of legislating as a national policy to ensure that no ethnic or religious group is treated differently was discussed during this meeting.
President Gotabaya Rajapaksa appointed the Presidential Task Force, headed by Ven. Galagodaaththe Gnanasara Thera, to study the views and opinions of various factions on the implementation of the concept of ‘One Country, One Law’ in Sri Lanka and present a concept paper with proposals. Recently, its term was extended from 2022-02-28 to a period of 03 months.
best cialis price generic tadalafil 20mg india
stromectol ivermectin 3 mg stromectol
buy cialis pro cialis
generic cialis lowest prices tadalafil 20mg best price
https://gabapentin.icu/# neurontin singapore
https://diflucan.icu/# can i buy diflucan over the counter in australia
https://cipro.best/# ciprofloxacin over the counter
buy medications online ed in young men