counter hit xanga

සිරස්තලයක් නැත!

15 හැවිරිදි මවගේ තුරුලේ කිරි බොමින් සිටි සය මස් බිළිඳකුට ඇතුලු තිදෙනකුට තියුණු ආයුධයකින් පහරදිලා.

Last Updated on June 20, 2021 by Desman Chathuranga

දැඩි ලෙස කැපුම් තුවාල සහිතව ඊයේ (19) ඊයේ පස්වරු 2.30 ට පමණ රෝහල්ගත කල තිදෙනෙකු අතර සිටි මාස 6ක් පමණ වයසැති බිළිඳකු මරණයට පත්ව තිබේ.

චීන වරාය පොලිස් බල ප්‍රදේශයේ (Trincomalee dock area) නිවෙසක 15 හැවිරිදි මවගේ තුරුලේ කිරි බොමින් සිටි සය මස් බිළිඳකුට ඇතුලු තිදෙනකුට තියුණු ආයුධයකින් පහරදි තිබු අතර පසුව ඔහුන් රෝහල් ගත කර තිබේ.පවුල් ආරවුලක් හේතුවෙන් මෙම පහරදිම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පහරදිමෙන් 15 හැවිරිදි මවට අනතුරක් සිදු ව නොමැති අතර ඇගේ මවට සහ පියාට දැඩි ලෙස තුවාල සිදුව ඇති අතර මවගේ අත වෙන් වි තිබි ඇති අතර එය පොලිසිය විසින් රොහලට භාරදි තිබේ.කෙසේ වෙතත්, 43 හැවිරිදි ඇයට ශල්‍යකර්මයක් කළ නමුත් ඇගේ කැපූ අත සවි කිරීමට නොහැකි වි තිබේන බව රෝහල් ආරංචී මාර්ග සදහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් බිළිඳාගේ පියා අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මෙහෙයුම් දියත් කර තිබේ.