counter hit xanga
October 21, 2021

Lockdown නෑ! සංචරණ සීමා තර කරයි!

Last Updated on May 10, 2021 by Panduka Herath

මුළු රටම හුදකලා කිරීමේ අවශ්‍යතාවක් දැනට පැනනැගී නැති බව කොරෝනා මර්දණ බලකා ප්‍රධානී යුධ හමුදාපති ශවේන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි. කෙසේවෙතත් කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ මූලික පියවරක් ලෙස සංචරණ සීමා තර කිරිමට ඉදිරියේදි කටයුතු කරන බවද ඔහු අවධාරණය කරනවා.

රජයේ කාර්යාල සහ සේවා ස්ථානවලට ඒවා පිහිටි දිස්ත්‍රික්කවලට පිටත දිස්ත්‍රික්ක වලින් සේවකයන් කැඳවීම සීමා කරන්නැයි ආයතන ප්‍රධානීන්ට උපදෙස් නිකුත් කර ඇති බව කොවිඩ්19පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.