counter hit xanga
March 26, 2023

PTA එපා! ජනතාව විදී බසී…

Last Updated on March 8, 2022 by Desman Chathuranga

‘ජාතික ආරක්ෂාව’ සහ ‘ත්‍රස්තවාදී” යන වචන භාවිතා කරමින්, අධිකරණය අධීක්ෂණයන් තොරව ජනතාව මර්දණය කිරිම සදහා භාවිතා කරන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස බල කරමින් ජනතා පෙත්සමට අත්සන් ගැනිම ආරම්භ කළා.

මානව හිමිකම් කොමිසම වෙත භාරදිම සදහා දිවයින පුරා අත්සන් කෙරෙන පෙත්සමට වතුකරයේ ජනතාවගේ අත්සන් ලබා ගැනිම හැටන් නගර මධ්‍යයයේදි ආරම්භ කෙරුණේ පසුගිය 6 වැනිදායි.

ජිවන බර ඉහලයාම ,රටේ පවතින ඉන්දන අර්බුදය , විදුලි කප්පාදුව හේතුවෙන් රටේ ජනතාව මෙන්ම වතුකරයේ ජනතාව දැඩි පඩාවට පත්ව සිටිම හේතුවෙන් ආණ්ඩුවට එරෙහිව හැටන් නගර මධ්‍යයයේදි උද්ඝෝෂණයකද ජනතාව නිරත වුනා.

මෙම උද්ඝෝෂණයේදි අදහස් දැක්වු දමිළ ප්‍රගතශිලි සංධානයේ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පලනි දිගම්බරන් මහතා කියා සිටියේ , ජිවන වියදම ඉහල යාමෙන් වතු කම්කරුවන් ඇතුළු රටේ ජනතාව දැඩි ලෙස පිඩාවට පත් වි සිටින අවස්ථාවක රටේ ඉන්දන හිගයක් ඇති කිරිම සහ විදුලි කප්පාදුව හේතුවෙන් රටේ සමස්ථ ජනතාවම දැඩි පිඩාවට පත් වි ඇති බවයි.

දෙමළ ජාතික සන්ධානයේ මූලිකත්වයෙන් මෙම අත්සන් අරගලය ක්‍රියාත්මක වන අතර එය රටේම ජනතාව අතරට රැගෙන යැම ඔහුන්ගේ අරමුණයි.දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්,මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි ශානාක්‍ය රාසමානික්‍යම්, වී.රාධක්‍රිෂ්ණන්, එම්.උදයකුමාර්, පලනි තිගාම්බරම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම සිවිල් සමාජ නියෝජිතයන්, ආගමික නායකයින් සහ මහජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියා.

ත්‍රස්තවාදය මුවාවෙන් ජනතාව මර්දණය කරන (PTA)

පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) හරහා රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාව, නිදහස, ශාරීරික හා මානසික යහපැවැත්මට තර්ජනයක් වන අතර, මූලික මිනිස් අයිතිවාසිකම් සීමා කර තිබේ.මේ හරහා නීත්‍යනුකූල ලෙස වෙනස් අදහස් ප්‍රකාශ කිරීමට, මූලික මිනිස් අයිතිවාසිකම් අත්විඳීම සහ ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියන් ලෙස කටයුතු කිරීම ත්‍රස්තවාදී ක්‍රියා බවට පත් කිරිමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කර තිබිම හරහා එක් ජනවර්ගයකට පමණක් සීමා නොවි අවනීතිය ක්‍රියාත්මක කිරිමට ආණ්ඩුව සමත්ව තිබේ.

භයානකම තත්වය වනුයේ මෙම නීතිය යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයා ශාරීරික හානියකට ලක් වීමෙන් ආරක්ෂා කර ගැනීම අනිවාර්ය නොවිමයි. අත්අඩංගුවට පත් වෙන පුද්ගලයාට අත්අඩංගුවට ගැනීමට හේතුව සහ ඊට අදාළ අනෙකුත් තොරතුරු දැනුම් දීම අනිවාර්ය නොවන අතරම ඒ සදහා නිශ්චිත කාලයක් නොතිබිමද දරුණු තත්ත්වයකි.

පවුලේ අය අත්අඩංගුවට පත් වෙන අවස්ථාවේ එතැන සිටියද අත්අඩංගුවට පත් වීම ගැන විස්තර ඔවුන්ට දැනුම් දීමට පවා පැය 24ක කාලයක් ලබා දී ඇත. පවුලේ අය අත්අඩංගුවට පත් වෙන අවස්ථාවේ එතැන සිටියේ නැත්නම් ඔවුනට අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් දැනුම් දීම අනිවාර්ය නොවේ.

එසේම කාන්තා සැකකරුවන් කාන්තා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට ප්‍රශ්න කරනු ලැබීමට හෝ කාන්තා නිලධාරිනියක් සිටීම අත්‍යවශ්‍ය නොවන අතර අත්අඩංගුවට පත්වන පුද්ගලයෙකුගේ පවුලේ අය සදහා දැනුම් දිමට පැය 24ක කාලයක් ලබාදි තිබිමද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෙවත් (PTA)හී නරකම තත්ත්වයකි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) හරහා අධිකරණමය අධීක්ෂණය අඩු කිරිමට කටයුතු කර තිබේන අතර ඒ හරහා පොලිසිය සහ අමාත්‍යවරයා විමර්ශක කණ්ඩායම් සහ විනිසුරුවරුන්ගේ භූමිකාව සදහා මැදිහත් විම අනුව ඒ හරහා දේශපාලන අධිකාරයේ අවශ්‍යතාව ඉටුකර ගැනිමට සමත්ව තිබේ.