counter hit xanga
October 22, 2021

“third class” මාධ්‍යවේදීන් අමාත්‍යාංශයේ ලියාපදිංචි නෑ!

Last Updated on June 8, 2021 by Panduka Herath

“තුන්වන පන්තියේ” මාධ්‍යවේදීන් මාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි වී නොමැති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

”තර්ඩ් ක්ලාස් මාධ්‍යවේදියෙක් වෙන්න එපා… පහුගිය කාලේ මැරුම් කෑවේ තර්ඩ් ක්ලාස් මාධ්‍යවේදීයෝ…” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ලෙස පෙනී සිටින විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍යවේදීන්ට තරවටු කළ බවට පැවසෙන විඩියෝවක් සම්බන්ධයෙන් daily mirror ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් කල විමසිමකදි ඔහු මේ බව සදහන් කර තිබේ.

කිසිම සාමාජිකයෙකු තෙවන පන්තිය ලෙස හැඳින්වීමට තමන්ට අවශ්‍ය නැති බවද අමාත්‍යවරයා පෙන්වා දි තිබේ.

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවත්වන මාධ්‍ය හමුවේදී නුවර ස්පුට්නික් ස්පුට්නික් V එන්නත විදීමේදී පළමු මාත්‍රාව පමණක් වුව ද ලබා ගැනීම කැමැති බවට වූ ප්‍රකාශයකට ජනතාවගෙන් අත්සන් ගන්නේ ඇයි දැයි ප්‍රශ්න කර ඇති අතර දිගින් දිගටම මාධ්‍යවේදීන් එම ප්‍රශ්ණය යොමුකිරිමත් මාධ්‍ය හමුව අවසානයේ යලිත් එම ප්‍රශ්ණයම යලී,යලිත් විමසිම හරහා ඇතිවු ව්‍යාකූලතාව මත එම් ප්‍රකාශය විශේෂඥ වෛද්‍යවරයා විස්න් කර තිබේ.

තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නොවන බවත් මාධ්‍ය ප්‍රකාශක තනතුරක් තමන්ට ලිඛිතව ලබා නොදී ඇති බවත් ඔහු එහිදී වැඩිදුරටත් පවසනවා. ඔහු කියා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යවරියගේ ඉල්ලීම පරිදි මේ කාර්යය සිදු කරන බවයි. එහි සත්‍ය අසත්‍යතාව කුමක් වුවත් මාධ්‍යවේදීන්ට තර්ඩ් ක්ලාස් මාධ්‍යවේදීන් මැරිය යුතු බවට වූ ඉඟියක් සහ එසේ ප්‍රකාශ කිරීම විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගේ අදහස්වලින් ගම්‍ය වීම බොහෝ දෙනා හෙළා දැක තිබුනා.

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍යවේදීන්ට තරවටු කිරිම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා ක්‍රියාකාරී මාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, ශ්‍රී ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය සහ තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුලු මාධ්‍ය සංවිධාන කිහිපයක්ම සිය අප්‍රසාදය පලකර තිබු අතර විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලිය යුතු බවද එම සංවිධාන පෙන්වා දි තිබුනා.

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කල ප්‍රකාශයේ හඩ පටය පහත දැක්වේ….