counter hit xanga
October 18, 2021

වාහන එපා! ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන් තින්දුවක!

NOCAR lankaecast

Last Updated on June 15, 2021 by Panduka Herath

මන්ත්‍රීවරුන් සඳහා ආනයනය කිරීමට යෝජනා වි තිබේන වාහන බාර නොගැනිමට ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන් පිරිසක් තීරණය කර තිබේන බව දේශපාලන ආරංචී මාර්ග සදහන් කරයි.

රටේ පවතින තත්ත්වය අනුව මන්‍රීවරුන් මේ මොහොතේ වාහන ආනයන කිරිම කිසිසේත්ම සුදුසු නැති බවයි ඔහුන්ගේ අදහස වි ඇත්තේ.

ඒ අනුව අදාළ ආයතනය සමග ඇතිකරගත් ගිවිසුම අනුව එම වාහන ආනයනය කර ඒවා විවෘත වෙළඳ පොළේදි විකුණා දැම්ම සදහා ජනාධිපතිවරයාට යෝජනා කිරිමට නියමිතයි.

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ් සියල්ලේම් නායකයන් මේ සදහා කැමත්ත පලකර තිබේන බවද වාර්තා වේ.

COVID-19 වසංගතය හමුවේ මෝටර් රථ ආනයනය සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට රජය ගත් තීන්දුව හේතුවෙන් පසුගිය මාස 15ක කාලය තුල රුපියල් කෝටි විසි පන්දහසකට අධික මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබි තිබේ.