counter hit xanga
March 28, 2023

නොමිලේ entertainment වෙනුවට බස් එකේ සද්දේ ටිකක් අඩු කරමුද?

Last Updated on December 9, 2022 by Lankae Cast

මේ ගාලු පාරේ යන බස් එකක්.

නැග්ග වෙලාවේ ඉඳල කරච්චලේ ඉවරයක් නෑ.

ඔලුව පැලෙන තරම් සද්දෙට music. සංගීතය අපිට ඕනෑද, එපාද කියල ඩ්‍රයිවර්, කොන්දොස්තර තකන්නේ නෑ.

හදිසි කෝල් එකක් ගන්න තියෙනව වෙන්න පුළුවන්, කෙනෙකුට ඔලුව කැක්කුමක් තියෙනව වෙන්න පුළුවන්, ඒ මොනවා නැතත් මේ කරච්චලේ නැතුව නිදහසේ ගමනක් ගිහින් එන්න බස් එකට නගිනව වෙන්න පුළුවන්.

ඒත් අපේ ඉල්ලංකාවේ ඒවා වානා. නැග්ග නම් driver, කොන්දොස්තර කියන දෙයක් ඔලුව නමාගෙන අහගෙන ඉඳල කැමති නම් ගමන ගිහින් එන්න පුළුවන්.

ලෝකේ වෙන ගොඩක් රටවල මගියට රෙස්පේකට් එකක් තියෙනව. මොකද මගියා තමයි පාරිභෝගිකයා. ගනුදෙනුව වෙන්නේ ඕනේ පාරිභෝගිකයාට අවශ්‍ය විදියට. ඒත් අපේ රටේ අනිත් හැම දෙයක්ම වගේ මේකත් වෙන්නේ රුවිතෙට.

WATCH: https://www.facebook.com/SarojPathirana/videos/696022105237247

වෙලාවකට ගමනක් යන්න බෑ

**********************

යුරෝපයේ ගොඩක් රටවල ඉතාමත්ම ඉහල මට්ටමේ පොදු ප්‍රවාහන සේවයක් තිබුණත්, ඇත්තටම බ්‍රිතාන්‍යයේ නම් පොදු ප්‍රවාහන සේවය ගොඩක් අවුල්. ජර්මනියේ වගේ නෙමෙයි, පොදු ප්‍රවාහන සේවය භාවිතා කරලා සැලසුම් කරලා වෙලාවකට ගමනක් යනවා කියන එක බ්‍රිතාන්‍යයේත් ලේසි වැඩක් නෙමෙයි.

ලංකාවේ නම් මේ කපේදී ඒක කරන්නම බෑ.

හොඳට වෙලාව තියල බස් එකට නැග්ගම බස් කාරය ගාටනවා. ඊළඟ බස් එක තියෙන්නේ කොහෙද කියල කෝල් කර, කර හෝල්ට්වල නවත්තගෙන ඉන්නවා. පුදුම විදියට මිනිස්සු රස්තියාදු කරවනවා. පිටත්වෙන්න වෙලාවක් තිබුණත් කිසිම බස් එකකට ගමනාන්තයට ලඟාවෙන්න වෙලාවක් නෑ.

ත්‍රීවීල් ගාස්තු අහස උසට නැගල. Uber, Pick Me වල දුර ගමනක් යන්න ගියොත් විකිණෙනව.

දැන් බස් ගාස්තුත් වැඩි නිසා දරාගන්න අමාරුයි කියල සාඩින් පැක් කරපු කෝච්චියේ යන්න බලා ඉන්න අම්මල මට හමුවෙලා තියෙනව.

එහෙම ගාස්තු වැඩි කරලත් වෙලාවකට බස් එකේ ගමනක් යන්න බෑ.

බස් ගාස්තුවල කිසිම ප්‍රමිතියක් නෑ

*******************

මේ තරම් ගාස්තු වැඩි කරලත් මේ මිනිස්සු මගීන් ගසා කෑම නවත්තලත් නෑ.

ඊයේ, පෙරේද ගාස්තු වැඩි කරලා, අඩු කරලා දැන් මේක මිනිස්සු ගසා කන ගේම් එකක් කරගෙන.

හැමෝම නෙමෙයි, සමහර conductors ල.

එක දවසක් රුපියල් 55 ගාස්තුව ඊළඟ දවසේ 80ක් ලු! ඊයේ ගියේ 55ට කිවුවම එහෙනම් 70ක් දෙන්නලු.

මැති, ඇමතිවරුන්ට සුඛෝපභෝගී කාර් තියෙනව තමයි. ඒ නිසා ජනාධිපතිටයි, මන්ත්‍රීවරුන්ටයි දුප්පතාගේ පිහිටට තියෙන මේ බස්වල කෙරෙන කෙරුවාවල් පේන්නේ නැති බවත් ඇත්ත තමයි.

කොහොමවුණත් දැවැන්ත අරගලයක් කරලා ජනාධිපති පවා එලවපු රටක අපි පොදු ප්‍රවාහනයේදී දුප්පතා විඳින මේ දුක ගැන නිහඬව හිටියොත් හැමදාමත් අපිට කොන්දොස්තරගේ පිහිටම තමයි.

සරෝජ් පතිරණ (Saroj Pathirana)