counter hit xanga
March 28, 2023

“අරගල කරලා වගේම විසඳුම් දීලත් අපිට පුරුදුයි..” GMOA, 43 නියෝජිතයන් හමුවෙයි

Last Updated on November 13, 2022 by Lankae Cast

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ 43 සේනාංකයේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ඇතුලු නියෝජිත පිරිසක් ද, 43 සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක ගේ ප්‍රධානත්වයෙන් ඉංජිනේරු සුමේද රත්නායක, වෛද්‍ය සංකල්ප මාරසිංහ, බන්දුල චන්ද්‍රසේකර යන 43 සේනාංක නියෝජිතයන් ද මේ සාකච්ඡාව සඳහා එක් විය. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක;

ප්‍රශ්නය:

අද මොකක්ද මේ සාකච්ඡාව?

පිළිතුර:

කරුණු තුනක් ගැන අපේ අවධානය යොමු කළා.

1. දැනට මේ රටේ රෝහල්වල පවතින ඖෂධ හිඟය සහ ඒ හා බැඳුණු ගැටලු පිළිබඳව ඒ අයගේ යෝජනා

2.  ඖෂධ හිඟයත් එක්කත් වඩා මේ ආහාර හිඟයත් එක්ක මතුවෙලා තියෙන මන්දපෝෂණ තත්ත්වයත් රටේ ඇතිවෙලා තියෙන පෝෂණ ගැටලුව පිළිබඳව

දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තත්ත්වයත්  විශේෂයෙන්ම පවුල් සෞඛ්‍ය සේවිකාවන් හරහා ලබාගත් තොරතුරු මත පදනම් ව මේ මන්ද පෝෂණ තත්ත්වයේ යම් වැඩිවීමක් ඇතිවෙලා තියෙනවා කියලා. නමුත් ආහාර අර්බුදයක් ඇතිවුණාම මන්ද පෝෂණ තත්ත්වයක් ඇතිවෙන්න යම් කාලයක් ගතවෙනවා. මාසෙකින්, දෙකකින්, දවසකින්, දෙකකින් ඇතිවන දෙයක් නෙවෙයි. වසර කිහිපයකට පස්සේ තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. ඉතින් ඒ පිළිබඳව අවධානය යොමු කළා.

3. දැනට මේ ඇතිකර තිබෙන අයබදු දැමීමට, වෘත්තීයවේදීන් මත ගණනාවක් ඇති වෙලා තියෙනවා. මේ නිසා වෘත්තීයවේදීන් ආර්ථික අර්බුදයට අමතරව තමන් අප සතු වෙලා තියෙන මේ බදු ප්‍රශ්නය නිසා රට හැරයන්නෙත් ජනතාව සුළුතරයෙන් ඇතිවෙමින් තියෙනවා කියලා.

ඖෂධ ගැටලුව ගැන පාර්ලිමේන්තුවේ අපේ අදහස නම් ඖෂධ ගේන්න ප්‍රමාණවත් මුදල් ලැබී තිබුණත් රටට අවශ්‍ය ඖෂධ මොනවාද? අවශ්‍ය නොවන, අත්‍යවශ්‍ය නොවන ඖෂධ මොනවා ද කියන එක ගැන අවබෝධයකින් යුතුව කටයුතු කරලත් නැහැ.  යම් විශේෂඥ පිරිසකට මේ ඖෂධ පිළිබඳ කාරණා පිළිබඳ තීරණ ගන්න ඖෂධ මොනවා ද ගෙන්වන්නේ? කොහොමද ගෙන්වන්නේ? කොහොමද බෙදා හරින්නේ කියන එක ගැන විධිමත් ක්‍රියාමාර්ගයකට බලතල ලබා දිය යුතුයි. පෝෂණ තත්ත්වය ගැන තියෙන සංඛ්‍යාලේඛණ ඉතාමත්ම බය හිතෙන සුළුයි. අනාගතය සඳහා.  නිවැරදි දත්ත අවශ්‍යයි. දැනට සමෘද්ධිය ආදී දත්ත වල තියෙන්නේ දේශපාලන පවුල්වලට සමෘද්ධි ලැබෙන්නේ කියලා.  එක අන්තර්ජාතික ආයතනයක සොයා ගැනීමකට අනුව රටේ ඉහළම ආදායම් ලැබෙන කණ්ඩායමේත් 11% කට  සමෘද්ධි ලැබෙනවා. ඒ වගේම පහළම ආදායම් තියෙන අයගෙන් 49%ටයි  සමෘද්ධිය ලැබෙන්නේ. ඒ කියන්නේ ඒකෙන් 52%කට  සමෘද්ධියවත් නැහැ. ඉතින් එම නිසා මේකේ ලොකු ප්‍රශ්ණයක් තියෙනවා. මොකද මේක හදලා තියෙන්නේ දේශපාලන කාරණා මත. සමෘද්ධිය ලැබිය යුත්තේ කාටද කියන එක. ඉතින් ඒ සඳහා සමාජ තෝරා ගැනීම කොහොමද කෙරෙන්නේ කියන එක පිළිබඳ විවෘතභාවයක් ඇති කරගෙන ඒ ආධාර අවශ්‍යම අයට ලැබෙන ක්‍රමවේදයක් සකස් කළ යුතුයි කියන ක අපි සාකච්ඡා කළා.  යම් බදු පොලී අනුපාතය ඉහළ යාම, ඒ වගේම ආදායම් බදු ගෙවීම, මේ වගේ කාර්යයන් සහ ව්‍යාපාර විශාල වශයෙන් අර්බුදයට ගිහින් තියෙනවා. පුද්ගලයන් වෘත්තීයවේදීන් අර්බුදයට ගිහින් තියෙනවා. ඒ නිසා ඒවා ගැනත් අවධානය යොමු කරන්න ඕනේ.

ප්‍රශ්නය:

බෙහෙත් ගෙන්වීම සම්බන්ධයෙන් දැන් සිදුවෙන්නේ විශේෂඥ කමිටුවක් විසින් නෙවෙයිද? මේක හිතුමතේ ගෙනැල්ලා නිකන් අවශ්‍යතාවට ප්‍රමුඛතාවය දෙන කණ්ඩායමක් නෙවෙයිද? මොකක්ද වෙලා තියෙන්නේ ඇත්තටම?

පිළිතුර:

දැනට ආයතන කිහිපයක් තියෙනවානේ. ඖෂධ ලියාපදිංචි කිරීම සඳහා MMR එක තියෙනවා. ඖෂධ ගෙන්වීම සඳහා SPC එක තියෙනවා. ඒ වගේම ඖෂධ මේ රටේ නිෂ්පාදනය කෙරුණා. SBM කියලා ආයතනයක් තියෙනවා රජය සතුව. ඒ වගේම පෞද්ගලික නිෂ්පාදන ආයතනත් කිහිපයක් තියෙනවා. ඒ අයගෙන් 15% ක් විතර තමයි සැපයුම් කරන්නේ. ඊළඟට ඖෂධ බෙදාහරින MSD කියලා එකක් තියෙනවා. ඒවා අතර විධිමත් සම්බන්ධීකරණයක් නොවෙන බව තමයි හැම පැත්තකින්ම වාර්තා වෙලා තියෙන්නේ. ඒ වගේම යම් ඖෂධයක් ගෙන්වන්න මාස 11 ක පමණ කාලයක් යනවා ප්‍රසම්පාදන ක්‍රියාවලියට. ඉතින් මේවා අඩුපඩු කරගන්නවා. ඊළඟට ජීවිත හානිය පිළිබඳව වෙන ඖෂධ තියෙනවා. ඒ කියන්නේ වයිට්ල් දාලා. ඊළඟට අත්‍යවශ්‍යයි කියලා තියෙන්නේ. SNG ඖෂධ තියෙනවා. ඒවා අත්‍යවශ්‍ය නොවන කියලා තියෙනවා. තව ඔය විටමින් ආදී වශයෙන් තියෙන්නේ. ඔය Suppliment හැටියට තියෙන ඒවා තියෙනවා. ඉතින් මේවාටත් ඔක්කොටම යන්නේ ඩොලර්නේ. ඉතින් ඒක නිසා කවුරුහරි විශේෂඥ පිරිසක් ඕනේ උපදෙස් දෙන්න. ඒක මේ අපිට තීරණය කරන්න බැහැ. මේ අපේ වෛද්‍ය අමරසිංහ වගේ ඒ ක්ෂේත්‍රයේ විශේෂඥයෝ ඕනේ තීරණය කරන්න ඒවා කොපමණ ප්‍රමාණවලින් ද ගේන්නේ කියලා. 

ප්‍රශ්නය:

ඒ වගේ කාරණා වලදී දැන් ඔබතුමා නියෝජනය කරන්නේ තවමත් විපක්ෂය. කොහොමද මේ බලපෑම සහ මේ මැදිහත්වීම කරන්නේ?

පිළිතුර:

අද රටට ඕනේ විසඳුම්. ඒ නිසා  අපි යම් යෝජනාවලියක්  මේ අවස්ථාවේ ආර්ථික ස්ථායිකරණ කමිටුවෙනුත් ඊයේ භාරදුන්නා කතානායකතුමාටත් ජනාධිපතිතුමාටත් ඒක ලබන සතියේ අපි රටටම හෙළිදරව් කරනවා. ලබන අඟහරුවාදට.  මේ යෝජනා ඉදිරිපත් කරලා ඒවා කෙරෙනවද, නොකෙරෙනවද කියලා ජනතාවත්, මාධ්‍යයත් හැමෝම විමසිල්ලෙන් බලන්න ඕන ඒ අමාත්‍යාංශවල ඒ වගකීම වෙනවද කියන එක. අපි පක්ෂයේ ආණ්ඩුවේ විතරක් නෙමෙයි අපි හැමෝගෙම වගකීමක් මේ රටේ දැන්.

අපිට  ඇමතිකම් ධූර පිළිබඳ ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි එකක් අවධාරණය කරනවා මොකක්ද? අපි හොඳට විපක්ෂයේ ඉඳලා අරගල කරලා, අර ඒ වගේම විසඳුම් දීලා, ඇත්තටම ඇමතිකම් කරලත් පෙන්නන්න තියෙනවා. අපිට චෝදනා කරන්න බෑ කාටවත්. මේගොල්ලන්ගේ කාලේ අමාත්‍යාංශ මෙහෙමයි, අරමයි කියලා. රටේ ඇමතිකම් කරන හැටි පෙන්නලා තියෙනවා. ආදායම් උපදවන හැටි පෙන්වලා තියෙනවා. හැම අමාත්‍යාංශයකම. ඒ හින්දා අපිට ඒ ගැන අමුතු දොළදුකක් නැහැ. හැබැයි අපිට කණගාටුවක් තියෙනවා. මේ දැන් අපිට විසඳුම් අවශ්‍යයි. ඒ විසඳුම් ඉදිරිපත් කිරීමට අපි හැමෝම ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ කටයුත්ත අපි කරනවා. ඒ වගේම ඒක ආණ්ඩුවේ විසඳුම් කරන්නේ නැත්නම් ඒ ගැන පෙන්වා දෙනවා විතරක් නෙමෙයි. විසඳුම් කරන්න පුළුවන් බලවේගය හදන්නත් අපි ඉදිරිපත් වෙනවා.

ප්‍රශ්නය:

මේ දවස්වල  පක්ෂ අර්බුද කියන එක මතුවෙලා තියෙනවානේ. මේක මේක වර්තමාන ජනාධිපතිවරයාට ඒක සුගතියක්ද? ඒ කියන්නේ ඔහුට නිකන් ආශිර්වාදයක්ද, මේ පක්ෂ අර්බුධ කියන එක මොකක්ද ඔබතුමා හිතන්නේ?

පිළිතුර:

ඇත්තටම මේ රටේ ඇතිවෙලා තියෙන මේ බංකොලොත්භාවය විසින් සම්ප්‍රදායට අර්බුදයට යන එක අහන්න දෙයක් නෑ. මොකද රටක් බංකොලොත් උනාම ක්‍රමය බිඳ වැටෙනවා. ක්‍රමය බිඳ වැටුනම ඒ ක්‍රමය මත පැවති සම්ප්‍රදායික පක්ෂ බිඳ වැටෙන එක. වර්තමාන ජනාධිපතිට ආශිර්වාදයක් එතුමාට බලයට පත්වෙන්න ඒ අර්බුදයේ හේතුවක් වුන එක ඇත්ත. ඒ වගේම එතුමාට දැන් ඒක විශාල වගකීමකුත්. ඒ අර්බුදය විසඳීමේ වගකීම තියෙන්නෙත් එතුමටනේ. ඒ වගේම අනෙකුත් දේශපාලන පක්ෂවලටත් මේකට මුහුණ දෙන්නේ කොහොමද කියන එක මත විශාල අර්බුදයකට ගිහින් තියෙනවා. ඊළඟ මැතිවරණ වලදී පෙනෙයි ලංකාවේ වෙනස් තත්ත්වයන් ඇතිව තියෙන බව.

ප්‍රශ්නය:

ලෝකයේ මේ වගේ බංකොලොත් වෙච්ච රටවල් වල සාම්ප්‍රදායික පක්ෂ අතුගෑවිලා හිටියේ. දැන් ඒ වගේම තමයි දැන් මේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂ කිහිපයක් දැන් පාරට බැහැලා උද්ඝෝෂණ කරලා, රැස්වීම් තියලා, මැතිවරණයක් දෙන්න. වහාම මැතිවරණයක් දෙන්න. මැතිවරණයකින් අපි තමයි මේ රට වෙනස් කරන්න පුළුවන් කියලා කියනවා. ඔබතුමා මොන මතයේද ඉන්නේ? මැතිවරණයක් තියලා, ඒ කට්ටිය බලයට ආවොත් මේක වෙනස් කරගන්න පුලුවන්ද?

පිළිතුර:

මැතිවරණය කල් දැමීම, විශේෂයෙන් පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා යම් යම් උපාය මාර්ග ගැනීම, ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක්. පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි අනිවාර්යෙන්ම. මහ මැතිවරණය පවත්වන්න නිල වශයෙන් ඉඩකඩක් දැනට නැති වුණත්, ජනාධිපතිවරයාට අවශ්‍ය නම් පුළුවන් මාර්තු මාසයේ විසුරුවන්න. හැබැයි අපිට මේක විසඳන්න පුළුවන් යැයි කියන කට්ටිය ගැන අපිට ජනතාවට කියන්න තියෙන්නේ ඒගොල්ලන්ගේ කතා වලට නම් අහුවෙන්න එපා. කතා වලට අපි ගොඩක් දෙනෙක් අහුවුණා. දැන් මේ රට පත්වෙලා තියෙන මේ බරපතල තත්ත්වය තුළ ඒගොල්ලන්ගේ සමහරු ආණ්ඩු කරපු අය. සමහරු ඇමතිධූර කරපු අය. ඒ කාලවල ඒගොල්ලන්ගෙ කළමනාකාරී හැකියාව ගැන හොයලා බලලා කටයුතු කරන්න. එහෙම නැත්නම් ශූර කතා වලට රඟපෑම් වලට අහුවෙලා අපිට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් ඇති වූ ව්‍යසනය ආයෙ තවත් වතාවක් නම් අපිට අවශ්‍ය නැහැ.

ප්‍රශ්නය:

ඔබේ කියවීමේ හැටියට මේ වෙලාවේ මැතිවරණයක් තියන්න පුලුවන්ද? මේ රටේ තියෙන වර්තමාන තත්ත්වය අනුව?

පිළිතුර:

මැතිවරණයක් තියන්න පුළුවන්නේ. මැතිවරණය කියන්නේ පළාත් පාලන මැතිවරණය තිබිය යුතුයි. දැන් විශේෂයෙන්ම මේ රටේ ප්‍රාදේශීය සභා, නගර සභා, මැතිවරණය තැබිය යුතුයි ලබන මාර්තු මාසෙ වෙනකොට.