Last Updated on May 24, 2021 by Desman Chathuranga
අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ විමසීම් සඳහා ‘‘1965’’ දරන විශේෂ දුරකතන අංකය භාවිත කරන ලෙස රජය ජනතාවට දැනුම් දෙනවා.ආර්ථික පුනර්ජීවනය හා දර්ද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සදහන් කළේ 1965 දරන විශේෂ දුකරතන අංකය අද සිට කි‍්‍රයාත්මක වන බවයි.
පැය 24 පුරාම කි‍්‍රයාත්මක වන අතර මහජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධයෙන් වන තොරතුරු එම අංකය ඔස්සේ ලබා ගත හැකි බව ද එම බලකාය සදහන් කරයි.
මුඵ දිවයිනටම බල පැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවා ඇති මෙවන් අවස්ථාවක ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය සේවා නොඅඩුව ලබා දීම සඳහා මෙම දුරකතන සේවාව කි‍්‍රයාත්මකව ඇති අතර එමගින් මහජනතාවට අපහසුතාවකින් තොරව භාණ්ඩ ලබා ගැනීමට හැකියාව ඇති බව ද ආර්ථික පුනර්ජීවනය හා දර්ද්‍රතාවය තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි.
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි