Last Updated on May 30, 2021 by Panduka Herath
COVID-19 ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන්ට බල පා ඇති ගැටළු නොවිසදීම හා නුසුදුස්සන් හෙද සේවාවට බදවා ගැනීමට එරෙහිව 2021. 05. 31 දින සියළු හෙද හෙදියන් අසනීප නිවාඩු දමන බව සමස්ත ලංකා හෙද සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
ඒ අනුව 31 දින රට පුරා රෝහල්වල හෙද හෙදියන් එක් දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට තීරණය කර ඇති බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.
එම නිවේදනයේ දක්වා ඇත්තේ
මේ මොහොතේ මෙරට රෝහල් පද්ධතිය තුල හා ඉන් පිටත පිහිටුවා තිබෙන #කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන තුල ඉතාමත්ම දැඩි දුෂ්කරතා ගනනාවක් මැද ජීවිත අවධානමක්ද මධ්‍යයේ සේවය කරමින් සිටින හෙද කාර්ය මණ්ඩලය මුහුණ දී තිබෙන අතිශය පීඩාකාරී ගැටළු ගනනාවකට විසදුම් ලබාදෙන මෙන් අප සංගමය සෞඛ්‍ය බලධාරීනේ ගන් ඉල්ලීම් කරන ලදී. එසේම දිනෙන් දින ජනතාවගේ ජීවිත බිලි ගනිමින් තිබෙන #COVID-19 වසංගතය මැඩලීමේදී බලධාරීන් නොසලකා හැර ඇති කරුණු ගණනාවක් නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසත්, අප ඉල්ලා සිටින ලදී.
එම තත්වය තුල හෙද හෙදියන්ගේ පැවැත්ම හා ආරක්ෂාවටත්, සියළුදෙනාට #COVID-19 වලින් තොර ජීවිතයක් ලබාගැනීමට බාධා ගෙනදී ඇති එම ගැටළු විසදීමට ක්‍රියා නොකිරීමට එරෙහිව 2021. 05. 31 දින රට පුරා රෝහල්වල හෙද හෙදියන් එක් දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට තීරණය කර ඇත.
More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න