counter hit xanga
June 26, 2022

බුර්කා තහනම, අන්තවාදී විමර්ශන ගැන OIC,IPHRC දැඩි විරෝධය!

Last Updated on May 3, 2021 by Panduka Herath

ත්‍රස්ත විරෝධී අණපනත් යොදාගෙන මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කාව තහනම් කිරීමට ආණ්ඩුව ගත් පියවර සහ හිතුමතේ අත්අඩංගුවට ගැනීම සහ නඩු නැතිව වසර ගණනක් රඳවා ගෙන ප්‍රශ්ණ කිරිම් සිදුවන බව පවසමින් ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) සහ ස්වාධීන නිත්‍ය මානව හිමිකම් කොමිසම හෙවත් IPHRC යන සංවිධාන ඒකාබද්ධව දැඩි විරෝධය එල්ල කර තිබේ.

පාස්කු ප්‍රහාරය සහ ඉන් පසු ඇතිවු තත්ත්වයන් හමුවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරිම සදහා සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරගැනිම පසුගියදා තහනම් කෙරෙනු අතර ඊට අමතරව පාස්කු ප්‍රහාරය සම්බන්ධව අනාවරණය වු සාක්ෂී මත බදුයුදීන් සොහොයුරන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් රදවාගෙන ප්‍රශ්ණ කරමින් සිටිම අදාළ විරෝධය එල්ල කිරිමට ආසන්නතම් හේතුව් වි තිබේ.

හිතුමතේ අත්අඩංගුවට ගැනීම සහ නඩු නැතිව වසර ගණනක් රඳවා තැබීම නීතිගත කිරීම සඳහා “දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවා ගැනීමේ” නාමයෙන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අලුතින් පනවා ඇති රෙගුලාසි ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) දැඩි විරෝධයට ලක් වී තිබේන අතර එම නියෝග යොදාගෙන “මුස්ලිම්වරුන් අත්තනෝමතික ආකාරයෙන් රඳවා ගෙන ඔවුන් වධහිංසා සහ මානව හිමිකම් උල්ලංඝනවලට ගොදුරු කිරීමට ඉඩ සලසා දෙන, මුවාවෙන් ශ්‍රී ලංකාව විසින් වෙනස් කොට සැලකීම් නීති පැනවීම OIC සංවිධානයේ ස්වාධීන නිත්‍ය මානව හිමිකම් කොමිසම (IPHRC) විසින් නිකුත් කරන ලද නිවේදනයක් මගින් හෙලා දැක තිබේ.

එම නිවේදනය මගින් ශ්‍රි ලංකා රජයෙන් ඉල්ලා ඇත්තේ PTA හෙවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අවලංගු කරන ලෙසයි.

ත්‍රස්ත විරෝධී අණපනත් යොදාගෙන මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කාව තහනම් කිරීමට ආණ්ඩුව පියවර ගැනීමද ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී ඇති අතර එම තහංචිය ශ්‍රී ලංකාවද අත්සන් තබා ඇති ජාත්‍යන්තර සම්මුතියක් උල්ලංඝනය කිරීමක් බව IOC සංවිධානය අවධාරණය කර තිබේ.

බුර්කාව තහනම් කිරීම දැඩි ලෙස විවේචනය කරමින් කොමිසම අවධාරණය කළේ එවැනි තහනමක් මගින් මුස්ලිම් කාන්තාවන්ට තම ආගම ප්‍රකාශ කිරීමට ඇති නිදහස උල්ලංඝනය වන බවත් අනන්‍යතාවය සඳහා ඔවුන්ගේ තේරීම ක්‍රියාත්මක කිරීමටත් ඔවුන්ගේම සංස්කෘතිය භුක්ති විඳීමටත් ඔවුන්ගේ ආගම ප්‍රකාශ කිරීමට හා භාවිත කිරීමටත් ICCPR යටතේ සහතික කර තිබේන බවයි.

තම මුස්ලිම් සුළුතරයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහතික කරමින් ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් ඉටු කරන ලෙස කොමිසම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ. දුක්ගැනවිලි විසඳීම සහ වෙනස් කොට සැලකීමේ නීති අහෝසි කිරීම සඳහා දේශීය අධිකරණ ඇතුළු සියලුම දේශීය පිළියම් අවසන් කරන ලෙස ද ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව සහ මානව හිමිකම් සංවිධානවලින් ඉල්ලා තිබේ.

ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) සහ ස්වාධීන නිත්‍ය මානව හිමිකම් කොමිසම IPHRC යන සංවිධාන ඒකාබද්ධව නිකුත් කල නිවේදනය.

Jeddah 29th April 2021: The Independent Permanent Human Rights Commission (IPHRC) of the Organization of Islamic Cooperation (OIC) joins the international community in strongly condemning the Sri Lankan Prevention of Terrorism Act (PTA) and its recently enacted regulation namely ‘De-radicalization from holding violent extremist religious ideology’, which allows creation of “Reintegration Centers” to arbitrarily detain Muslims and subject them to torture and other human rights violations without any legal oversight with impunity. These tragic developments are further compounded by reports of newly imposed Burqa ban, under the pretext of counter terrorism measures, which squarely violates minorities’ right to freedom of religion guaranteed in the International Covenant on Civil and Political Rights (ICCPR).

The Commission, while taking serious note of the UNHCHR report[1], which highlighted the prevalence of “endemic patterns of custodial deaths, torture and other ill-treatment, and extrajudicial killings with impunity” and that COVID-19 pandemic “exacerbated the prevailing marginalization and discrimination suffered by the Muslim community”, urged the Sri Lankan government to immediately repeal the draconian PTA and to impartially investigate the reported incidents of human rights violations by allowing access to justice and free trial to all its minorities.

With regards to the banning of Burqa, the Commission expressed its serious concerns and stressed that such blanket measures would: (a) violate the Muslim women’s freedom to manifest their religion (ICCPR Art. 18(1); and exercise their choice for identity as guaranteed under (ICCPR: Art. 17(1); (b) expose them to religious discrimination (ICCPR: Art. 2(1), Art. 26); and (c) violate the rights of its minorities ‘to enjoy their own culture, and to profess and practice their own religion’ (ICCPR Art. 27). Such discriminatory measures will also cement negative stereotypes against Muslim women, disproportionately restrict their freedom to manifest their religion, cause intersectional discrimination and greater marginalization as well as stoke undue hostility / physical violence because of their clothing, it added.

The Commission concluded that such a majoritarian rhetoric and discriminatory measures are contrary to the ideals of pluralism, counterproductive to societal cohesion and clear manifestations of Islamophobia. It, accordingly, urged the Sri Lankan Government to fulfill its international human rights obligations by ensuring to protect the rights of its Muslim minority to practice their religion, free from any coercion or discrimination. The Commission also urged the (a) Sri Lankan Muslim community and human rights organizations to exhaust all available domestic remedies including domestic courts for redressal of grievances and repeal of discriminatory laws; and (b) international community to engage with Sri Lankan authorities to seek redressal for the aggrieved minority including by punishing those found guilty as per international human rights law.