Last Updated on June 6, 2021 by Panduka Herath
Sinopharm කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද (6) අලුයම ශ්‍රි ලංකාවට ලැබුනා.
ශ්‍රී ලංකාවට එකවර ගෙන ආ විශාලතම එන්නත් තොගයද මෙය වනවා.රජය ඇණවුම් කළ එන්නත් මාත්‍රාවල පළමු තොගය ලෙස මෙය ලැබුන අතර මිට පෙර අවස්ථා දෙකකදි චීන Sinopharm එන්නත ලංකාවට ලැබුනද එය චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුනි.
ජුනි 08 වනදා සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ආරම්භ කිරීමට රජය අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබේන අතර රටපුරා එන්නත්කරන මධ්‍යස්ථාන වැඩි කිරිමටද පියවර ගෙන තිබේ.
මේ අතර කොළඹ නගර සීමාව තුළ එන්නත මගහැරෙන පුද්ගලයන් සඳහා එන්නත් මධ්‍යස්ථාන 5ක් පිහිටුවිමට කටයුතු යොදා තිබේ.එන්නත මගහැරෙන පුද්ගලයන් සඳහා පිහිටුවන මෙම එන්නත් මධ්‍යස්ථාන පහ රාත්‍රී 10.00 තෙක් විවෘතව තැබිමටද නියමිතයි.
More Stories
රට නිල වශයෙන් බංකොලොත්! ගැලවිමේ මග මෙන්න!
Jagath Alwis’ letter to CJ: BASL concerned
රනිල්ගේ නිසරූ උත්සහය ගැන NPP කියයි!