Last Updated on May 10, 2021 by Desman Chathuranga
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාව විසින් අංක 104 දරන Tamil Genocide Education Week Act, ‘දෙමළ ජන සංහාර අධ්‍යාපන සතිය’ පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ දැඩි කනස්සල්ල කැනඩාව වෙත පලකර තිබේ.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (10) කැනේඩියානු මහ කොමසාරිස් David McKinnon (ඩේවිඩ් මැකිනන්) මහතා විදේශ අමාත්‍යාංශයෙදී හමුවූ අවස්ථාවේදී මෙසේ කනස්සල්ල ප්‍රකාශ කර තිබේ.ඔන්ටාරියෝ හි උප ආණ්ඩුකාරවරිය විසින් එම පනත් කෙටුම්පත සඳහා ලබා දුන් රාජකීය අනුමැතිය අත්හිටුවීම සඳහා කැනේඩියානු රජය වහාම මැදිහත් වන ලෙස අමාත්‍යවරයා ඉල්ලිමක්ද කර තිබේ.
ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුවී ඇති බවට කැනඩාව විසින් සොයා ගැනීමක් කර නොමැති බව තහවුරු කර ඇති කැනඩා රජයේ නිල ස්ථාවරයට පටහැනිව, ශ්‍රී ලංකාවේ ‘ජන සංහාරයක්’ සිදුව ඇති බවක් ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාව විසින් සොයා ගෙන ඇති බවයි අමාත්‍යවරයා, කැනේඩියානු මහ කොමසාරිස්වරයාට පෙන්වා දුන්නේ.

පනත් කෙටුම්පතට අනුව ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට එරෙහි ජන සංහාරය හඳුනාගෙන මැයි 11 සිට 18 දක්වා සතියක් ලෙස ඔන්ටේරියානුවන්ට “තමන් ගැන දැනුවත් කිරීමට සහ දෙමළ භාෂාව පිළිබඳ දැනුවත්භාවය පවත්වා ගැනීමට ධෛර්යමත් කරනු ලැබේ.
අදාළ බෙදුම්වාදී පනත සම්මත කර ගැනීම සම්බන්ධයෙන් Scarborough-Rouge Park MPP පාර්ලිමේන්තු මන්ත්‍රී Vijay Thanigasalam සිය ට්විටර් වෙබ් අඩවියේ සඳහන් කර තිබුනේ.
(1/2) Today, #Bill104 #TamilGenocideEducationWeek, has successfully passed in the Ontario Legislature.
— Vijay Thanigasalam (@VijayThaniMPP) May 6, 2021
I am humbled and honoured to announce the seven-day period in each year ending on May 18th has been proclaimed as Tamil Genocide Education Week. pic.twitter.com/h81GxGRzaE
මැයි 18 වනදායින් අවසන් වන සෑම වසරකම දින හතක කාලසීමාව දෙමළ ජන සංහාර අධ්‍යාපන සතිය ලෙස ප්‍රකාශයට පත් කිරීම ගැන තමන් නිහතමානීව සතුටු වන් බවයි.
මේ අතර කැනේඩියානු දෙමළ තරුණ සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයේ උප සභාපති Sinthughan Shanmugalingam (සින්තුගන් ෂන්මුගලිංගම්) මහතා සදහන් කර ඇත්තේ “දෙමළ ජන සංහාරය පිළිගැනීමේ පළමු අධිකරණ බලය ලෙස ඔන්ටාරියෝ පැහැදිලි පණිවිඩයක් යවයි.”
මෙම පනත් කෙටුම්පත සම්මත වීමත් සමඟ ද්‍රවිඩයන්ට සුව කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ හැකි අතර, දෙමළ ජන සංහාරය සහ ලොව පුරා සිදුවී ඇති වෙනත් ජන සංහාරයන් පිළිබඳව ඉගෙන ගැනීමට ඔන්ටේරියානුවන් දිරිමත් කළ හැකිය.”
කැනේඩියානු දෙමළ තරුණ සන්ධානයේ අවධාරණය කර ඇත්තේ “ශ්‍රී ලංකා රජය විසින් අනුග්‍රහය දක්වන අඛණ්ඩ ජන සංහාරයෙන් අපේ සාම්ප්‍රදායික නිජබිම තුළ දෙමළ ජනතාවගේ පැවැත්මට තර්ජනයක් එල්ල වී ඇත” බවයි.
“මෙම පිළිගැනීම දෙමළ ජන සංහාරයෙන් අහිමි වූ ජීවිතවලට ගෞරව දැක්වීමට පමණක් නොව, ජීවිත කාලය පුරාම අන්තර්ගෝලීය කම්පනයෙන් පීඩා විඳි අයට සුවයක් සහ ප්රතිසන්ධානයක් සඳහා වන පළමු පියවර නියෝජනය කරයි. දෙමළ ජන සංහාරය හඳුනා ගැනීමෙන්, මානව වර්ගයාට එරෙහි මෙවැනි අපරාධ නැවත සිදුවීම වැළැක්වීම සඳහා මෙම ජන සංහාරය සහ වෙනත් ජන සංහාරයන් පිළිබඳ දැනුවත්භාවය පවත්වා ගැනීමට අපගේ සාමූහික අභිලාෂය අපි සහතික කරමු. ” යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය (එන්.සී.සී.ටී.) පනතට ප්‍රතිචාර දක්වමින් සදහන් කර තිබේ.
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි