counter hit xanga

අවසන් විසඳුම එන්නත්කරනයි…. ෆයිසර් එන්නතත් ගෙන්වයි

Last Updated on April 25, 2021 by Desman Chathuranga

Covid -19 වෛරසයට අවසන් විසඳුම එන්නත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද පෙරවරුවේ නිකුත් කල නිවේදනයක සදහන් කර ඇත්තේ එම එන්නත් කරන ඒ සඳහා නිවැරැදි වැඩපිළිවෙළක් රජය සතුව ඇති බවයි.

වෛරසය නිසා කෙටි කලකට හෝ රට වසා දැමීමට ඇතැමුන්ගේ අදහස වන බවත් එය කෙටිකාලීන විසඳුමක් වුවද දිගුකාලීනව ජන ජීවිතයට සහ ආර්ථිකයට අතිශය හානිකර බලපෑම් ඇති කරන බවද ජනාධිපතිවරයා එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වාදෙනු ලබයි.

අභියෝගය සාර්ථකව ජය ගැනීමට නම් කොවිඩ් වසංගතය පැතිර ගිය පළමු වටයේ දී කලාක් මෙන්, සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති සියලු නීති රීති හා උපදෙස් ජනතාව අකුරටම පිළිපැදිය යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත අවධාරණය කර සිටින්නේ.

කොවිඩ් 19 ව්‍යාප්තිය පිටුදැකීමේ කොඳුනාරටිය වනුයේ මූලික මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඊයේ (24) ජිනීවා නුවරදී යළිත් වරක් අවධාරණය කළේය. නිසි පරිදි මුහුණු ආවරණය, සබන් හෝ විෂ බීජ නාශක යොදා විටින් විට දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, අනවශ්‍ය ගමන් බිමන් වලින් සහ උත්සව සහ සාද වැනි ඒකරාශීවීම් වලින් වැලකී සිටීම ඒ අතර ප්‍රධාන තැන ගනී. සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම හා ශික්ෂණයක් සහිත විනයගරුක සමාජ චර්යාව වෛරස ව්‍යාප්තිය නතර කිරීමට සාර්ථක විසඳුමක් බව එවැනි ශික්ෂණයක් පෙන්නුම් කළ සියලු රටවල අත්දැකීමය.

ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට අනුමත කර ඇති සහ ඉදිරි කාලය තුළ අනුමත කිරීමට නියමිත කොවිඩ් මර්දන එන්නත් අතරින් හතරක්ම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය විධිවිධාන සකසා තිබේන අතර ඒ අනුව ප්‍රථමයෙන් ගෙන්වනු ලැබූ ඇස්ට්‍රසෙනෙකා එන්නත පුද්ගලයින් 925,242කට මේ වන විට ලබාදී ඇත. එම එන්නතේ දෙවන මාත්‍රව ලබාදීම මැයි මස මුල සතිය තුළ ආරම්භ කිරීමට නියමිතය.

ඉදිරි පෙළ සෞඛ්‍ය නිලධාරීන්, කොවිඩ් මර්දනයේ නිරත ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් ඇතුළුව 356,000ක් දෙනාට දෙවැනි මාත්‍රාව දෙනු ලැබේ. ඉතිරි අවශ්‍යතාව සපුරාගැනීම සඳහා ඇස්ට්‍රාසෙනකා එන්නත නිෂ්පාදනය කරන ලෝකයේ සෙසු ආයතන සමග රජය දැන් සාකච්ඡා කරමින් සිටී.

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ මාත්‍රා 200,000 අප්‍රේල් අවසානයේ දීත්, මාත්‍රා 400,000ක් මැයි මාසයේදීත්, මාත්‍රා 800,000ක් ජූනි මාසයේදීත්, මාත්‍රා 1,200,000ක් ජූලි මාසයේදීත් ගෙන්වා ගනු ලැබේ. ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 13ක් ගෙන්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලැබී ඇත. පරිත්‍යාගයක් ලෙස චීනයෙන් ලැබී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා 600,000 ඉදිරි සති කිහිපය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීමත් සමග මෙරට ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇත.

මීට අමතරව රාජ්‍ය ඖෂධ සංස්ථාව ෆයිසර් එන්නත ගෙන්වීම සඳහා අවශ්‍ය මූලික ගිවිසුම් දැටනමත් අත්සන් කොට ඇති අතර එම එන්නත හැකි ඉක්මණින් ගෙන්වා ගැනීමට රජය ක්‍රියාකාරමින් සිටීන බවද එම නිවේදනය හරහා පෙන්වා දෙනවා.