Last Updated on June 2, 2021 by Panduka Herath
එළඹෙන 07 වනදායින් පසු දැනට ක්‍රියාත්මක කර ඇති රට පූර්ණ වශයෙන් සංචරණ සීමා අත්හිටුවීමට කටයුතු කලද නිවසින් පිටතට යාමට අවසර හිමි වන්නේ එක් අයෙකුට පමණක් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ සදහාද අවසර හිමිවන්නේ ජාතික හැඳුනුම්පතේ අංක අනුව වන අතර එයද අත්‍යවශ්‍ය සේවාවක් සදහා පමණී.
දැනට ක්‍රියාත්මක සංචාරණ සීමා 07 වැනිදායින් පසුව දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තිරණය අදාළ සෞඛ්‍ය බලධාරීන් සමග සිදුකරන සාකච්ඡා වලින් පසුව තීන්දු කිරිමට නියමිතයි.
මේ අතර ව්‍යාජ කැදවීමේ ලිපි පෙන්වමින් කොළඹ නගරය ඇතුළු නගරවලට පැමිණෙන පුද්ගලයන්ට නිරෝධායන නීති කඩකිරීමේ චෝදනාව යටතේ වසර පහක් දක්වා සිර දඬුවම් ලබාදීමේ නීති ප්‍රතිපාදන පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
More Stories
තෙල් මිල ඉහළ ගිය රහස!
පොහොට්ටුවේ “කහ සෙල්ලම” ගැන සජිත් කියයි!
භුමිතෙල් රු200කින් ඉහලට! ඉන්ධන මීලත් ඉහලට!