counter hit xanga
March 26, 2023

WP පිටතට යා හැක්කේ දෙදෙනකුට පමණි!

සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට අනුව සෙසු පළාත් හි ආසන ධාරිතාවෙන් හරි අඩක් යටතේ පොදු ප්‍රවාහන සේවාවන් සිදු කළ හැකි වේ

Last Updated on June 21, 2021 by Desman Chathuranga

දිවයින පුරා සංචරණ සීමාවන් හෙට අලුයම 4 සිට ඉවත් කළද ජූලි 05වැනිදා තෙක් බස්නාහිර පළාතේ එක් නිවසකින් හෝ නවාතැනකින් දිනකට පිටතට යා හැක්කේ දෙදෙනකුට පමනක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කල සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව හරහා නියෝග කර තිබේ.

ඒ අනුව පොදු ප්‍රවාහන සේවාවන් සිදුකළ හැක්කේ අත්‍යවශ්‍ය සේවා සේවක ප්‍රවානය සඳහා පමනක් වන අතර පුද්ගලික,කුලී රථ සහ ටැක්සි රථ වල ගමන් කළ හැක්කේ ද උපරිම දෙදෙනකුට පමණි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට අනුව සෙසු පළාත් හි ආසන ධාරිතාවෙන් හරි අඩක් යටතේ පොදු ප්‍රවාහන සේවාවන් සිදු කළ හැකි වේ.

ඊට අමතරව බස්නාහිර පළාතේ සාප්පු සංකීර්ණ,නිමි ඇඳුම් විකිනීමේ වෙළෙඳ සැල් විවෘත කිරීම සහ පදික වෙළෙඳාම ද ජූලි 05වැනිදා තෙක් අවසර නොලැබේ.