Last Updated on June 28, 2021 by Desman Chathuranga
ලක්ෂ 7ක් පමණ වන එකොළහ, දොළහ සහ දහතුන ශ්‍රේණිවල සිසුන්ට COVID එන්නත් ලබා දී පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමු කර තිබෙන බව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.
පාසල් ආරම්භ කිරීමට පෙර සියලුම ගුරුවරුන්ට මෙන්ම පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ද එන්නත් ලබාදෙන බවත් එම දෙපාර්ශ්වයේම 279 ලක්ෂයක් සිටින බවද ලේකම්වරයා සදහන් කළා.
හැකි ඉක්මනින් එන්නත් ලබාදීමට හැකි වුවහොත් ජූලි මස දී පාසල් ආරම්භ කිරීමට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළ මහාචාර්යවරයා කෙසේ වුව ද ඒ සම්බන්ධයෙන් නිශ්චිත කාලවකවානුවක් කිව නොහැකි යැයි ද සඳහන් කළේය. එන්නත් මාත්‍රා දෙකම ලබා දීමට නොහැකි වුවහොත් එක් මාත්‍රාවක් ලබා දී හෝ පාසල් ආරම්භ කිරීම අරමුණ යැයි ද ලේකම්වරයා සදහන් කරනවා.
දැනට දින නියම කර ඇති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන විභාග තවදුරටත් කල් දැමීම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති යැයි ද ඒ පිළිබඳ තීරණයක් ගැනෙන්නේ ඉදිරියේ දී උද්ගත වන තත්ත්වයන් මත බවද ඔහු පෙන්වා දෙනවා.
http://buystromectolon.com/ – buy stromectol ivermectin online
Priligy
Comparativa Cialis Viagra
plaquenil sulfate
[url=http://cheapdrugs.store/#]how to overcome ed[/url]
stromectol tablets buy online buy ivermectin online
https://diflucan.icu/# diflucan tablets
https://diflucan.icu/# diflucan 150 mg over the counter
https://gabapentin.icu/# neurontin 100 mg