counter hit xanga
June 13, 2021

රැට රනිල්, දවල්ට සජිත්, විපක්‍ෂය අර්බුදයක!

“රැ දනියෙල් දවල් මිගෙල්” පිරිස නිසා විපක්‍ෂය දැඩි අර්බුදයකට පත්ව ඇති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.බත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ විපක්‍ෂය කුමන විවේචන කළත් රජයක් හැටියට ජනතාවට කළ යුතු සියලුම යුතුකම් ඉටුකරන බවයි.

“රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ආවට ඔවුන්ට ගැටලුවක් නැතැයි සමගි ජන බලවේගයේ මහලේකම්වරයා කියා තිබුණා. සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර හොඳටම දන්නවා සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායමේ ‘රෑ දනියෙල් දවල් මිගෙල්’ කියන කණ්ඩායම හැසිරෙන ආකාරය. ඒ නිසා තමයි මේ කලබල වෙලා තියෙන්නේ.”

එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම රජයට කිසිදු ප්‍රශ්නයක් නොවන බවත්, රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් විපක්‍ෂයේම ඇතැමුන් කලබලයට පත්ව ඇති බවත්ය.මෙම තත්ත්වය හමුවේ විපක්‍ෂ නායක ධුරය පිළිබඳව අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා.

ලබන දෙසැම්බර් 31 වැනිදා වනවිට ශ්‍රී ලංකාව පුරා ‘සෞභාග්‍යයේ පෙර පාසල්’ 150ක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු යොදලා තියෙනවා. එම එක පෙරපාසලක් සඳහා රුපියල් ලක්‍ෂ 25 බැගින් වෙන්කර තිබේන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

මාධ්‍ය හමුවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා

“විපක්‍ෂ නායකවරයා සතියයි දෙකයි එක තැනකට වෙලා. දැන් අර්බුදයක් ඇති වෙලා. විපක්‍ෂ නායකවරයාට සහයෝගය දැක්වීමේ යෝජනාවක් ගේන්නේ ඇයි? ඒ යෝජනාවට සියලු දෙනා එකතු වෙන්නෙත් නෑ. සාමාන්‍යයෙන් එවැනි යෝජනාවක් ගේන්නේ විශ්වාසය පළුඳු වුණාමයි. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය පිළිගන්න විපක්‍ෂයේම සමහර අය කැමති නැති බව පැහැදිලියි.”

“චම්පික රණවක මන්ත්‍රීවරයා කියන්නේ විපක්‍ෂ නායකවරයාගේ හැසිරීම අනුව ඔහුව පිළිගන්නේ කියලයි. හොඳම විකල්පය ලෙස සජිත් ප්‍රේමදාස මහතා තෝරාගත්තලු. චම්පික මන්ත්‍රීවරයා අනිත් පැත්තෙන් කියන්නේ සජිත් ප්‍රේමදාස ෆේල් කියන එකනේ. විපක්‍ෂය අර්බුදයක තියන නිසා ඔවුන්ට රටේ දේවල් ගැන කතා කරන්න බෑ. රට වහන්න කියපු බොහෝ අය දැන් මොනවද කියන්නේ.”