Last Updated on May 6, 2021 by Desman Chathuranga
කොවිඩ් – 19 අභියෝගය හමුවේ විපක්ෂය උත්සහ දරන්නේ ඉන් දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කිරීම මිස ජනතාවාදී විපක්ෂයක කාර්යභාරය ඉටු කිරීමට නොවන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සදහන් කරන්නෙ කොවිඩ් – 19 පාලනය සඳහා ගතහැකි සෑම ක්‍රියාමාර්ගයකටම රජය අවතීර්ණ වී සිටින බවයි.
කොවිඩ් – 19 හමුවේ විපක්ෂය උත්සහ දරන්නේ දේශපාලන වාසි ලබා ගැනීමටයි.
කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය මෙන්ම අදාළ විශේෂඥයින්ගේ නිර්දේශ මත කොවිඩ් 19 තුන්වෙනි රැල්ල පාලනය කර ගැනීම සදහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයකටම රජය අවතීර්ණ වී සිටිනවා. දිස්ත්‍රික් මට්ටමින් මෙන්ම ප්‍රාදේශීය මට්ටමින් රෝගීන් සදහා අවශ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන මෙන්ම අනෙකුත් පහසුකම් ලබා දීමේ කටයුතු සුදානම් කරමින් තිබෙනවා.
ඒ සඳහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ලබා දෙන සහායෝගය හා කැපවීමට අපගේ ගෞරවය හා ආචාරය පුද කර සිටිනවා.
මේ සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
විපක්ෂයට අවශ්‍ය වී තිබෙන්නේ කොවිඩ් 19 පාලනය කිරීමට ක්‍රියාත්මක වන රාජ්‍ය යාන්ත්‍රණය බිද වැටෙනු දැකීමයි. කොවිඩ් වසංගතය හේතුවෙන් රටේ දෛනික කටයුතු, ආර්ථිකය හා සංවර්ධනය බිද වැටෙනු දැකීම විපක්ෂයේ සිහිනයක් වී තිබෙනවා.
කොවිඩ් 19 පාලනය සදහා සෞඛ්‍ය අංශ පෙන්වා දෙන පරිදි ඇති විසදුම එන්නත්කරණය හා සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කිරීමයි. රටේ බහුතර ජනතාවකට එන්නත්කරණය සිදු කිරීම සදහා රජය අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. ලංකාවට අවශ්‍ය එන්නත් ලබා ගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සිදු කරමින් තිබෙනවා. ඒ වගේම සෞඛ්‍ය පුරැදු අනුගමනය කිරීමට ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කරනවා. එය රජයකට තනියම සිදු කළ හැකි කාර්යයක් නොවන අතර ජනතාවගේ සහයෝගයද ඉතා වැදගත් වෙනවා.
මිනිස් ජිවිත වල විනාකම විපක්ෂයකට වඩා හොදින් අපිට දැනෙනවා. කොවිඩ් වසංගතයෙන් හෝ වෙනත් ඕනෑම සිදුවීමකින් මේ රටේ මිනිස් ජීවිත විනාශ වෙනවට අපි කැමති නැහැ. අපි දැක්කා පාස්කු ප්‍රහාරයේදී මිනිස් ජීවිත වල වටිනාකම විපක්ෂය ආරක්ෂා කරපු හැටි.
රට සම්පුර්ණයෙන් වසා දැමීම හෝ කොටස් වශයෙන් වසා දැමීම සෞඛ්‍ය විශේෂඥයින්ගේ නිර්දේශ මතයි සිදු කෙරෙන්නේ. කොවිඩ් අභියෝගය හමුවේ රටේ සංවර්ධන කටයුතු වගේම ආර්ථිකයත් ශක්තිමත් කිරීම සදහා කටයුතු කරමින් තිබෙන බවයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දි ඇත්තේ.
[url=http://cheapdrugs.store/#]treating ed[/url]
stromectol for sale stromectol for sale stromectol price usa