counter hit xanga

නැතිබැරි මිනිහාට කන්න නැති කරන විපක්ෂයේ lockdown කන්දොස්කිරීයාව!

Last Updated on May 10, 2021 by Desman Chathuranga

lockdown, lockdown, lockdown සමාජ ජාලාවේ $ එකතු කරමින් දේශපාලනය කරන විපක්ෂයේ කෑ මොර දිම හදිසීයේම අතුරුදන් වෙමින් තිබේන බව වාර්තා වේ.

lockdown කරන්න යැයි සිය දේශපාලන බල ලෝභිත්වය වෙනුවෙන් කෑ ගැසූ විපක්ෂයේ පිරිසක් ඊයේ හදිසියේම මඩ බලකා ප්‍රධානියෙකු සමග Online සාකච්ඡාවක් පවත්වා ඇති අතර lockdown කරන ලෙස ආණ්ඩුවට බලපෑම් කිරිම වහාම් නතර කලයුතු බවයි එහිදි තීරණය කර ඇත්තේ.මන්ද lockdown කිරිමත් සමග දෛනිකව යමක් උපයා ගනිමින් අහාර සපයා ගන්නා කණ්ඩායම් විපක්ෂයට එරෙහිව අවී අමෝරනු ඇති බවත් ඒ හේතුවෙන් විපක්ෂය දැන් සිටින ස්ථානයෙන් තවත් පහලට ඇද වැටෙනු ඇති බවත් ඔහුන්ගේ මතය වි තිබේ. ඒ අනුව සමාජ ජාල වල මුදල් ගෙවමින් ප්‍රචාරය කරමින් තිබු පොස්ට් සියල්ලද ඊයෙම නතර කර දැමිමට කටයුතු කර තිබේ.

lockdown කරන්න යැයි බුකියේ හඩා වැටෙන බොහොමයක් රාජ්‍ය සේවයේ හෝ පහුගිය ආණ්ඩු සමයේ ඇතිතරම් හොරා කා ඒවා බැංකු වල තැන්පතු වශයෙන් තබා තිබෙන අය බව හොදින් නිරික්ෂණය කලහොත් හදුනා ගැනිමට අපහසුවක් නැත.ඉදහිට දෙමාපියන්ගෙන් කා ඔහුන්ගේන්ම ඩේටා කාඩ් එකක් දමා Online එන කිහිප දෙනෙකුද නැතුවාම නොවේ. මංගලගේ වොෂින්ටනයේ වාර්තාවද දැන් එම කණ්ඩායම අතේමය.ඔනෑම වෙලාවක දත්ත සමග වසංගතය සම්බන්ධයෙන් පොර ටොක් දෙන්නට ඔහුන් දැන් සමත් ය.

වොෂින්ටනයේ පුවතට පසුව මංගලගේ අවතාර කොවීඩ් මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් අලුත් කතා හදන්නටද පටන් ගෙන තිබේ. වසංගතය මර්දණය කරන ප්‍රමාණයටම මේ අකාරයේ වසංගතද මර්දණය කිරිම වැදගත් වනු ඇත.

රටම වහන්න…. සිත් පිත් නැති විපක්ෂයේ එකම අඳෝනාව එයයි. ආණ්ඩුවකට කල හැකි පහසුම දෙයත් එයමය. නමුත් ආණ්ඩුවක් නොකල යුතු දේත් එයමය.ඒදිනෙදා හම්බකර ජීවත්වන අති විශාල ජනතාවක් අප රටෙහි සිටින බව අමතක නොකළ යුතුය. අනිත් අතට වසංගත නිමාවන දිනක්ද ලොව කාටවත් කිව නොහැක ඒ නිසාම ධීවරයන්, ගොවියන්, කම්කරුවන් දිගටම වැඩ කල යුතුය.

ලෝක බැංකුවේ දත්තවලට අනුව “ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 70% ක් නොනිල වෘත්තිකයන්ය (Informal workers) ය. වෘත්තීය ආරක්ෂාව සහ පඩි සහිත නිවාඩු අඩුකම හේතුවෙන් ඔවුන් අනතුරට තල්ලු වීමට ඇති ඉඩ ඉතා ඉහලය. ආණ්ඩුවක් හැටියට රටේ ජනතාව ගැන අර්බුද මැද්දේ හෝ කල්පනාකාරීව කටයුතු කිරිම ඉතාම වැදගත් ය. කවදත් ජනතාවගේ පැත්තේ සිටි රාජපක්ෂල කිසිම විටක ජනතාව වැටෙන්නට දෙන්නේ නැත. අනිත් අතට ජනතාවට වසංගතය මර්දණය කිරිම සදහා අවශ්‍ය දැනුම ප්‍රායෝගිකව ලබා ගැනිමට අවස්ථාව තිබිය යුතුය.ජනතාවටද යුතුකම් සහ වගකිම් ඇත.එනම් වැඩකට නැති රස්තියාදුවේ නොගිහින් ගෙදරට වි සිටිමය. ශ්‍රම බලකාය අත සේදිමය,මුඛ ආවරණ පැලදිමය.

හදිසියෙ හෝ lockdown කිරිමකට ආණ්ඩුව යෑමට කටයුතු කලහොත් එහී එකම අරමුණ වන්නේ තාවකාලිකව ඉදිකල රෝහල් සදහා වෛරස් ආසාදිතයින් රැගෙන යාමය.මේ වනවිටත් ඊට අවශ්‍ය කටයුතු යොදවා ඇති අතර ඉදිරි 24 පැය තුල එම මෙහෙයුම් ආරම්භ වනු ඇත. ඒ අනුව ප්‍රදේශ වශයෙන් lockdown කිරිම ප්‍රමාණවත් වනු ඇත.එවන් තත්ත්වයක් උදාවුවහොත් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ වනවිටත් අදාළ බලධාරීන් දැනුවත් කිරිමට කටයුතු යොදා තිබේ.

විපක්ෂයේ සහ එවාට උල්පන්දම් දෙන මාධ්‍ය කරන ප්‍රකාශ මෙන්ම සෞඛ්‍ය යන නාමය අටවා ගනිමින් මාධ්‍යයට වොයිස් කට් දෙන වසංගත බලකායෙන්ද ජනතාව ප්‍රවේශම් විය යුතුය.ආණ්ඩුව,සෞඛ්‍ය අංශ,ආරක්ෂක අංශ අවශ්‍ය පියවර සක්‍රියව අරගනිමින් සිටි.අද රට වසා දැමීමට අවශ්‍ය නම් එය දේශපාලන වශයෙන් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ වලට තීරණය කිරීමට ඉඩ ලැබි තිබේ.

-සකලබුජන් –