counter hit xanga
October 21, 2021

ආණ්ඩුවේ ගැසට් ජනතාවට රීවස් කරන විපක්ෂයේ මඩ මෙහෙයුම!

Last Updated on May 10, 2021 by Panduka Herath

කෘෂි රසායනික ද්‍රව්‍ය සම්පූර්ණයෙම් තහනම් කළ ද කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට විශේෂ ආනයන බලපත්‍ර රෙගුලාසි යටතේ ආනයන බලපත්‍ර නිකුත් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට අදාළ බලධාරීන්ගේ පූර්ව අනුමැතිය මත පමණක් අවසර ලැබෙන බව ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව ප්‍රකාශ අවධාරණය කරනවා.

රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල්නාශක ආනයනය කිරීම තහනම් කිරීමට රජය තීරණ කිරීමත් සමඟ රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට නිකුත් කර තිබූ සියලුම බලපත්‍ර අවලංගු වි තිබුනා. මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය 6 වැනිදා නිකුත් කරන ලද අංක 2226/48 දරන ගැසට් පත්‍රයෙන් මේ පිළිබඳව දන්වා තිබේ.

කෘෂිකර්මාන්තය සදහා රසායනික පොහොර තහනම් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීන්දුවට අදාල අවසරය කිසිසේත්ම බලනොපන නමුත් ජනතා විමුක්ති පෙරමුණට සහ විපක්ෂයේ ඇතැම් සමාජ ජාලා රසායනික පොහොර ආනයනය මුළුමනින්ම තහනම් කරමින් ආණ්ඩුව නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කෙරෙන ලකුණු පහල වි ඇති බවට පුවත් සමාජ ගත කරමින් සිටි.

කෘෂි රසායනික ද්‍රව්‍ය සම්පූර්ණයෙම් තහනම් කිරිමත් සමග බහුජාතික සමාගම් රැසක් මේ වනවිට පරිසරවේදින්,ඇතුලු විපක්ෂයේ මඩ ක්‍රියාකාරින් සමග එක්ව ආණ්ඩුවේ තින්දුවට එරෙහිව දැවැන්ත කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් දියත් කරමින් සිටින බවට තොරතුරු මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.

කෘෂි රසායනික සහ පොහොර තහනම සම්බන්ධයෙන් සති අන්තතයේ අප කල අනාවරණය …. කියවන්න