Last Updated on June 4, 2021 by Desman Chathuranga
කොළඹ නගරයේ ඇති ඉඩම් සහ පෞරාණික ගොඩනැගිලි Selendiva Investments (සෙලෙන්දිවා ආයෝජන සමාගම) හරහා විදේශීය සමාගම් වලට විකිණීමට කටයුතු රන බවට ඇතැම් අය ගෙන යන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය එම්.එම්. එස්.බී. යාලේගම මහතා සදහන් කළේ සෙලෙන්දිවා ආයෝජන සමාගම සියයට 100ක් රජයේ විගණකාධිපතිවරයා විසින් විගණනයට ලක් කරනු ලබන අතර එය පිහිටු වූයේ පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර ශක්තිමත් කර එමඟින් රටට ආදායම් ලබා ගැනීමට කටයුතු කරන බවයි.
කොළඹ නගරයේ දිරාපත් වී ඇති පෞරාණික ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බවත්, ඒ අනුව එම ගොඩනැගිලි සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය එම්.එම්. එස්.බී. යාලේගම මහතා පෙන්වා දුන්නා.
සිංගප්පූරුවේ තමාසෙක් ආයෝජන මොඩලය ආදර්ශයට ගෙන පිහිටුවා සෙලෙන්දිවා ආයෝජන සමාගමේ කොටස්වලින් සියයට 51ක් රජයට ද, සියයට 49 ක් පෞද්ගලික අංශයට ද ආයෝජනය සඳහා විවෘත කර ඇති බවද ලේකම්වරයා පෙන්වා දුන්නා.
මේ වන විටත් මහජනතාවට බරක්ව පවතින පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර සහ ඌන භාවිතයේ පවතින රාජ්‍ය දේපළ ලාභ ලබන තත්වයට ගෙන ඒමේ අරමුණින් ඇති කළ මෙම සමාගම ආයෝජන කලඹ තුනක් යටතේ ක්‍රියාත්මක අතර, ඒවා නම් කොළඹ කොටුව ආයෝජන කලඹ, නිශ්චල දේපළ ආයෝජන සංවර්ධන කලඹ සහ රජයට අයත් සත්කාරක අංශ ආයෝජන කලඹ ලෙසින් නම්කර තිබේ.
මේ අතර සෙලෙන්දිවා ආයෝජන සමාගමේ විධායක නිලධාරී ශමාහිල් මොහිදින් මහතා මාධ්‍ය හමුවට වෙමින් කියා සිටියේ එම සමාගම කුමන ආයෝජනයක් කළ ද එහි පාලනය රජය යටතේ පවතින බවයි. එහි ප්රතිලාභ ලැබෙන්නේ රටේ මහජනතාවට බවද ඔහු එහිදි පෙන්වා දුන්නා.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය නොකරමින් ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් ලාභදායී ආයතන බවට පත් කිරීමේ වැඩපිළිවෙල යටතේ ආරම්භ කළ බව ද සෙලෙන්දිවා ආයෝජන සමාගමේ විධායක නිලධාරීවරයා අවධාරණය කළා.

[url=http://cheapdrugs.store/#]new ed drugs[/url]
tadalafil tablets 20 mg india online purchase of tadalafil in india cialis pills
purchase cialis australia tadalafil 20mg best price
ivermectin tablets stromectol 6 mg tablet
canadian cialis for sale tadalafil 20mg best price
free cialis samples tadalafil without a doctor’s prescription
ed drugs compared ed remedies