Last Updated on May 13, 2021 by Desman Chathuranga
සර්ව පාක්ෂික කැද හැලියක් මගින් කොරෝනා මර්දණය කල හැකි බව හිතනවා නම් එ තරම් ඔල මොට්ටලකමක් තවත් නෑති බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. කොරෝනා මර්දණය කිරිම සදහා සර්ව පාක්ෂික කමිටුවක් කැදවන ලෙසට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කල යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
“පාස්කු ප්‍රහාරයට තොරතුරු අතට ලැබිලා එක වළක්ව ගන්න බැරි වුණ කණ්ඩායමද අද කියන්නේ තමන්ගේ ආණ්ඩුව තිබ්බා නම් කොවිඩ් මර්දනය කරන්න පුළුවන් කියලා. එතකොට කොවිඩ් මේ ලෝකේ පැතිරෙමින් තියන කොට ඔය කියන කණ්ඩායම මොනවද කළේ. පහුගිය කාලේ අපේ රටේ සෞඛ්‍ය සේවය වෙනුවෙන් ඒ අය කරපු දේවල් වල ප්‍රතිඵලත් අද අපේ රටේ ජනතාවට භුක්ති විදින්න සිද්ධ වෙලා තියනවා. ඒ අයත් මේ රටේ ජනතාවගේ බදු මුදල් නාස්ති කලා හැරෙන්නට, අපතේ හැරියා ඇරෙන්න මේ රටේ ජනතාගේ අධ්‍යාපනය, සෞඛ්‍ය වෙනුවෙන් වැඩ පිළිවෙළක් සහිතව සැළසුම් කලේ නෑ. “
“පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා ඉන්න කොට සජිත් ප්‍රේමදාස වැදගත් ඇමතිකම් දරුවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා යෝජනා කරන විදියට සර්ව පාක්ෂික කැද හැලියක් දාලා කරන්න පුළුවන් කියලා හිතනවා නම් එ තරම් ඔල මොට්ටලකම් තවත් නෑ. අපි අහන්න කැමතියි අවුරුදු 40 ක් විතර හිටියා ඒ හිටපු කාලේ දාපු සර්ව පාක්ෂික කමිටු වලින් මේ රටේ මොන ප්‍රශ්නද විසදුවේ, මොන ප්‍රශ්නයටද සැළසුම් ඇති කලේ . කිසිම ප්‍රශ්නයකට උත්තරයක් හෙව්වේ නෑ. ප්‍රශ්න වැව්වා විතරයි. අපි කියන්නේ ඔය සර්ව පාක්ෂික අටමගලවල් වැඩක් නෑ. මේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය ආරක්ෂක අංශ ඇතුළු සියලු දෙනා මෙහෙයවන්න පුළුවන් රටේ ජනතාවට විශ්වාසය තියන්න පුළුවන් ශක්තිමත් යාන්ත්‍රණයක් හදන්න ඕන රජය මැදිහත් වෙලා”
More Stories
රනිල් සහ මෛත්‍රීගේ වෘත්තීය සමිති කල්ලි දෙකක් ජාතික රෝහලේදී ගැටුමක!
මාර්තු 09 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
පුංචි ඡන්දය නිරීක්ෂණයට කණ්ඩායම් 4කට අවසර