Last Updated on June 3, 2021 by Desman Chathuranga
සාමාන්‍ය ජන ජීවීතය පවත්වා ගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ සඳහන් කරමින් මෙම් ගැසට්ටුව නිකුත් කර තිබේ.
ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් කොවිඞ් – 19 රෝග නිවාරණ සම්බන්ධයෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්හි සඳහන් වන කරුණු ද අවධානයට ලක්කරමින් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමූපාකාර සමිතියකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන පහත උපලේඛනයේ සඳහන් සේවාවන් පූර්වෝක්ත වගන්තියෙහි කාර්යයන් සඳහා අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කර තිබේ.
එම ගැසට් නිවේදනය අනුව, සීමාසහිත ලංකා සතොස, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සමුපකාර සමිති මගින් ඉටුකරනු ලබන සියලුම සේවාවන් හා තවත් ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබේ.
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි