Last Updated on June 3, 2021 by Desman Chathuranga
ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර නොමිලේ ලබාදීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අද (02)පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති පළාත් ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මාසික හමුවේ දී ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන්ට කියා සිටියේ කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීමේ අභියෝගය ජයගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසයි.
රට ස්වයංපෝෂිත වනතුරු ගොවීන්ට පොහොර නොමිලයේ ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 වසරේ මැතිවරණ පොරොන්දුවක්ද ජනතාවට දි තිබුනා.
කාබනික පොහොර නිෂ්පාදනය සඳහා කුඩා ව්‍යාපාරිකයන්ට සහ ගොවි සමිති වලට අවශ්‍ය ආධාර හා රාජ්‍ය බැංකු හරහා සහන පොළියට ණය ලබාදීමට රජය සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා එහිදි කියා සිටියා.
ජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෞද්ගලිකවම මැදිහත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදි අවධාරණය කර සිටියා.පවතින තත්ත්වය හමුවේ වුවද රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩ තැබිය නොහැකි බවත් අභියෝගය ජය ගනිමින් රටක් ලෙස ඉදිරියට යාමේ දී සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බවත් පැවසූ ජනාධිපතිවරයා කර්මාන්තශාලා සහ සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවසීය.
එන්නත්කරණය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙරටට අවශ්‍ය සම්පූර්ණ එන්නත් ප්‍රමාණය මේ වන විට ලැබෙමින් පවතී බවත් විද්‍යානුකූලව හා නිසි සැලැස්මකට අනුව එම ක්‍රියාවලිය සිදු කෙරෙන බව පැවසූ ජනපති එහිදී ජනතාව අසීරුතාවයට පත් නොවන අන්දමින් සෞඛ්‍ය අංශවලට අවශ්‍ය සහාය තවදුරටත් ලබාදීම දේශපාලන අධිකාරියේ මෙන්ම ආණ්ඩුකාරවරුන් ප්රමුඛ සමස්ත රාජ්‍ය නිලධාරීන්ගෙන් තමා අපේක්ෂා කරන බව ද පැවසීය.
පවතින වසංගතය පාලනය කරමින් ජන ජීවිතය සුරක්ෂිත කිරීමට සහ අභියෝග හමුවේ වුවද රටේ ඉදිරි වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ජනාධිපතිතුමා ප්රමුඛ රජයේ කැපවීම එහිදි ආණ්ඩුකාරවරුන්ගේ පැසසුමට ලක් විය.
https://buystromectolon.com/ – Stromectol
[url=http://cheapdrugs.store/#]erectile dysfunction remedies[/url]
sildenafil citrate tablets 100 mg sildenafil sildenafil 100 mg
cialis overnight delivery cialis
buy ivermectin cream ivermectin 2mg
over the counter cialis tadalafil 20mg best price
https://diflucan.icu/# purchase diflucan
https://gabapentin.icu/# where to buy neurontin
stromectol 12 mg tablets ivermectin cream cost
buy clomid clomid for sale