Last Updated on June 10, 2021 by Desman Chathuranga
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ නායකයෙක් විසින් පාලනය කිරීම ඉතා අසීරු කටයුත්තකි. සුද්දා එන්නට පෙර දෙමළ රජෙක් පාලනය කල මේ රට, ඕනෑම පරයෙකුට පාලනය කිරීමට නම් කලයුත්තේ සිංහලයාව ගොනාට අන්දවා ගැනීම බව තේරුම්ගත් සුද්දා, සිංහලයාව දෙමළුන්ට පාලනය කිරීමට ඉඩදිය නොහැක, යන මතවාදය ඉදිරියට දමාගෙන කටයුතු ආරම්භ කළහ. ඇත්ත වශයෙන්ම සුද්දා මෙහි එනවිට උඩරට පාලනය කලේ ශිව භක්තික නායක්කර් වංශික දෙමළ රජෙකි. එදාද සිංහල බෞද්ධයෙක් රජවෙනවාට එරෙහිව නැගී සිටියේද සිංහල බෞද්ධයින්ය.
සිංහල බෞද්ධයින්ව පාගාගෙන පාලනය කල සුද්දාගෙන් අපට 1948 පෙබරවාරි මස 4 වෙනිදා රට පාලනය කිරීමේ අයිතිය හැර අන් සියලු දෙයක්ම ලබා දුන්හ. මෙය තේරුම් නොගත් අපේ පාලකයින් රැසක්ම අකාලයේ මරු වැළඳ ගත්හ. සමහරුන්ට නිසි කලට පෙර පාලනයෙන් ඉවත්ව යාමට සිදුවිය. ඒ අනුව,
ඩී.එස්. සේනානායක මහතා අකාලයේ මරු වැළඳ ගත්හ.
ඩඩ්ලි සේනානායක මහතා හර්තාලයක් මගින් පලවා හරින ලදී.
එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1959දී ඝාතනය කරන ලදී.
1962දී, සිරිමා බණ්ඩාරනායක මහත්මිය හමුදා කුමන්ත්‍රණයක් මගින් පලවා හැරීමට තැත් කොට එය අසාර්ථක වීම නිසා,පාර්ලිමේන්තු කුමන්ත්‍රණයක් මගින් පලවා හරින ලදී.
1970 ලබාගත්, සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජය බලය ගෙන වසරක් තුලදී,තරුණ කැරැල්ලක් ඇතිවිය.
1977 බලය ලබාගත් ජේ.ආර් ජයවර්ධන මහතා සිය ධුර කාලය ජනමත විචාරණයක් මගින් ඔහුට අවශ්‍ය ලෙස සම්පුර්න කල අතර,
ආර්.ප්‍රේමදාස මහතා 1993දී ඝාතනයට ලක්විණි.
1994දී බලය ලබාගත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියද දෙවරක් ජනාධිපති ධුරය හොඹවමින් සම්පුර්ණ කාලය නිමකළහ
මෙහිදී තේරුම් ගත යුත්තේ,විශේෂිත බලවේගයක්, ජේ.ආර්.ජයවර්ධන හා, චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට සිය ජනාධිපති ධුරයන්හි රැඳී සිටීම සඳහා ආශිර්වාදයන් ලබාදී ඇති බවයි.
මහින්ද රාජපක්ෂ මහතාද වසර 30ක් පුරා පවතී යුද්ධය නිම කරමින්, දෙවරක් මේ රටෙහි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළහ.
මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමට කීප විටක්ම උත්සහ කලද එය කල නොහැකිවූ අතර, ඔහුව ආරක්ෂා කලේ විශේෂිත බලවේගයක් වන අතර එය, ජේ.ආර්. ජයවර්ධන හා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියව ආරක්ෂාකල බලවේග නොවන අතර, ජේ.ආර්. ජයවර්ධන හා චන්ද්‍රිකා කුමාරතුංගයන්ව,සුරැකි බලවේග යුද්ධය නතර කරවා ගැනීම සඳහා උපරිම උත්සාහය දරා එය අසාර්ථක කර ගත්හ..
ජේ.ආර්. ජයවර්ධන හා චන්ද්‍රිකා කුමාරතුංගයන්ව,සුරැකි බලවේග 2015දී යලි ජයගත් අතර එම රජය “යහපාලනය”ලෙස නම් කරන ලදී. එහි අසාර්ථකත්වය විසින්, ගෝඨාභය රාජපක්ෂයන්ව මෙරට ජනාධිපතිවරයා ලෙස නිර්මාණය කර අද ඔහු මේ රට පාලනය කරමින් සිටි.
මෙරට ඉතිහාසයේ හයවෙනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පසු මෙරට බිහිවූ ශ්‍රේෂ්ඨතම පාලකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වන අතර, එතුමා මෙරට පාලනය බාර නොගන්නට මේ වනවිට අපට ඉතිරිව තිබෙන්නේ, ගොඩබිමින් 1/3ක් හා මුහුදින් 2/3 අහිමි කරගත් ලංකාවකි. එතුමා සිදුකල කාර්ය කිසිවෙකුටත් පහත් කොට කතා කල නොහැක. නමුත් එසේද කල හැකි පහත් මිනිසුන් රැසක් සිටින රටක පාලනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ට ලැබී ඇත.
රටට එරෙහිව කතා කිරීම කටයුතු කිරීම, දේශද්‍රෝහී ක්‍රියාවක් වුවද,අපට ලබාදී ඇති නිදහස තුල රට පාලනය කර ඉදිරියට ගෙන යාමේ නිදහසට වඩා,ඒ සියලු කටයුතු කඩාකප්පල් කොට විනාශ කිරීමට ලබාදී ඇති නිදහස ඉතා පුළුල්ය. මේ සියලු කටයුතු නිත්‍යානුකුල වන අතර, ඒවා කිරීම සඳහා විපක්ෂය නම්වූ සංවිධානගත ආයතනයක්ද ඇත.
මේ විපක්ෂය පාර්ලිමේන්තුවේ, සිටින මන්ත්‍රී සංචිතයට අමතරව පුළුල්ව විහිදී ගොස්, වෘත්තීය සමිති, ගොවි සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන වලට අමතරව ආගමික සංස්ථාවන් රාශියක්ද මේ අතර වේ. මේ සියල්ලක්ම රාජ්‍ය විරෝධී පදනමකින් කටයුතු කරන තත්වයක් තුල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කොවිඩ් 19 වසන්ගතයටද මුහුණ දීමට සිදුව තිබේ.මේ සියල්ලක්ම කිරීමට හොඳ පදනමකින් යුත් රාජ්‍යක් තිබිය යුතුය, නමුත් එවැන්නක නැත. උදාහරණයක් වශයෙන් ගත් කල, බලවත් රාජ්‍යකට,
1.විධායකය
2.ව්‍යාවස්ථාදායකය
3, අධිකරණය,
එකාවන්ව බද්ධව කටයුතු කල යුතුය. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා බලය ලබාගන්නා අවස්ථාවේදී එතුමා අත තිබුනේ,රටට ආදරය කරන දේශප්‍රේමී විධායකයක් පමණි. පසුගිය මැතිවරණයේදී, 2/3 පාර්ලිමේන්තු බලයක්ද ජනතාව ලබාදුන් පසු යම් තත්වයක් නිර්මාණය වුවද අධිකරණ කටයුතු සම්බන්ධව ගැටළු සහගත තත්වයක් ඇති බව පැහැදිලිව පෙනේ. මෙය විසඳාගත යුතු ගැටලුවකි.
මෙවැනි ගැටළු ජේ.ආර්. ජයවර්ධන මහතාගේ යුගයේද තිබුන අතර, එතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කලේ මේ විධායක ජනාධිපතිවරයාට කල නොහැක්කේ ගැහැණියෙක් පිරිමියෙක් කිරීමත්, පිරිමියෙක් ගැහැණියෙක් කිරීමත් පමණක් බවය. එය මෙරට නීතියකි. ඔහු කල සියල්ලක්ම නීතියට අනුකුලය. එතුමා අධිකරණය නිත්‍යානුකුලව ජනතාවගේ අවශ්‍යතාවයන්ට ගරු නොකරන විට අගවිනිසුරු තුමාට ඔහුගේ කාර්යාලයටවත්, ඇතුළුවීමට ඉඩ නොදී වසා තැබිය. අගවිනිසුරුතුමා ඉවත්ව ගියේය. විනිසුරුතුමන්ලා වැරදි ආකාරයට නඩු තීන්දු දෙනවිට දඩමුදල් රජයෙන්ම ගෙවා ඒ වරද නිවැරදි කළේය. වැරදි නඩු තීන්දු දෙනවිට, එම තීන්දු වලට එරෙහිව ජනතාව නඩුකාරයින්ගේ ගෙවල් වලට ගල් ගසන විට, ජනතාවගේ පැත්තේ හිටගත් එතුමා, වැරදි නඩු තීන්දු දෙන නඩුකාරයන්ගේ ගෙවල් වලට ගල් ගැසීමට ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදිව අයිතියක් ඇති බව ප්‍රකාශ කරමින් ජනතාවගේ එම ක්‍රියාව අනුමත කළේය.
එක ජනාධිපතිවරයෙක් කරපු හොඳ ජනතා හිතවාදී දේවල් තවත් ජනාධිපතිවරයෙකුට අවශ්‍ය නම් කල හැක. කුමක් කලද, රටේ අභිවුර්ධිය සඳහා කල හැකි හැම දෙයක්ම කිරීමේ ශුද්ධවූ අයිතියක් වර්තමාන ජනාධිපතිවරයාටද ඇත. ,
චන්ද්‍රසේන පණ්ඩිතගේ
https://buystromectolon.com/ – buy stromectol pills
Priligy
Cialis Mecanismo De Accion
[url=http://cheapdrugs.store/#]ed pills[/url]
clomid tablets for sale buy clomid 50mg where to buy cheap clomid online
cialis for cheap generic version of cialis
how much does ivermectin cost stromectol generic
cialis paypal viagra cialis free offer
viagra click here info buy cialis cialis
https://gabapentin.icu/# neurontin 300
https://cipro.best/# buy cipro online
https://erectionpills.best/# ed remedies
natural ed natural drugs for ed
erectile dysfunction medications pills for ed
Who should not take this medicine priligy en france