Last Updated on April 23, 2021 by Desman Chathuranga
රටතුල ව්‍යපෘති ක්‍රියාත්මක කිරිමේදී ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් කැපවි කටයුතු කලයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ (22) හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා සදහන් කළේ තමන් මන්ත්‍රීවරයෙකු කටයුතු නොකලද කුඩා කල පටන් මන්ත්‍රීවරුන් වැඩකරන අකාරය සිය පවුල තුලින්ම තමන් දැක ඇති බවයි.
ඔහු එහිදි මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයෙකු වි සිටි සමයේ කටයුතු කල අයුරු මතක් කර සිටියේ මෙලෙසයි…
මේ අතර රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළදී සම්පූර්ණයෙන් නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියා. පොහොර සහනාධාරය වෙනුවට ගොවීන්ට කාබනික පොහොර දීමට සැලසුම් කරන බවත් එමඟින් වාර්ෂිකව පොහොර ආනයනය කිරීමට වැය කෙරෙන ඩොලර් මිලියන 400ක මුදල ජනජීවිතය නඟා සිටුවීමට යොදා ගත හැකි බවත් ජනපති පෙන්වා දුන්නා.
රසායනික පොහොර භාවිතයෙන් ඉහළ අස්වැන්නක් ගත හැකි නමුත් වැව්, ඇළවේලි සහ භූගත ජලය දූෂණයෙන් ජීවිතවලට වන හානිය එම ලාභයෙන් පියවිය නොහැකි බවයි ජනපති පෙන්වා දුන්නේ.
එතනෝල් ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කිරීමෙන් අඛණ්ඩව පාඩු ලැබූ ලංකා සීනි සමාගම අත් කර ගත් ලාභය මිලියන 1100කි. වසර 20කට ආසන්න කාලයක් අනියම් හා කොන්ත්‍රාත් පදනම මත සේවය කළ 2,500කට ආසන්න පිරිසක් ස්ථීර කිරීමට, උසස්වීම් සහ ප්‍රසාද දීමනා දීමට එමඟින් හැකි වූ බව ලංකා සීනි සමාගමේ සභාපතිවරයා මෙම අවස්ථාවේදි පෙන්වා දුන්නා.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?