counter hit xanga
October 22, 2021

කොරෝනා අස්සේ ඔක්ෂිජන් කළුකඩ මාෆියාවක්!

Last Updated on May 7, 2021 by Panduka Herath

COVID-19 වෛරසය පැතිර යෑමත් එහිදි සිදුවන ප්‍රතිකාර සදහා කෘතිම ඔක්ෂිජන් සැපයිමේ අවශ්‍යතාව ඇති විමත් සමග පෞද්ගලික ව්‍යාපාරිකයන් ඔක්ෂිජන් සිලින්ඩර් කළුකඩ මිලට විකිණීම සඳහා රැස් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ. පසුගිය දින කිහිපය තුල ඉන්දියාවේ ඇතිවු තත්ත්වයත් ඒ සමගම ඔක්සිජන් සදහා ඇතිවු ඉල්ලුමත් හේතුවෙන් මේ වනවිට පෞද්ගලික ව්‍යාපාරිකයන් ඔක්සිජන් සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙන බවයි වාර්තා වන්නෙ.

ලංකාවේ සෞඛ්‍ය අංශ සඳහා ඔක්සිජන් සපයන සමාගම් දෙකක් තිබෙන අතර ඔහු රටේ සෞඛ්‍ය අංශයන්ට අදාලව නිෂ්පාදනයන් සිදුකරන අතර අදාළ සමාගම් දෙකහි ඔක්සිජන් සිලින්ඩර් පෞද්ගලික පාර්ශ්ව සහ ව්‍යාපාරිකයෝ විශාල වශයෙන් මිලට ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.සෞඛ්‍ය අංශ වල වගකිව යුතු අංශ මේ සිලින්ඩර් අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු නොකිරීම මෙම කළුකඩ ව්‍යාපාරිකයන් බිහිවිමට ප්‍රධාන වශයෙන් හේතු වි ඇති බවයි වාර්තා වන්නේ.

ස්වාභාවික වායුව දැඩි පීඩනයට පත්කොට ද්‍රව බවට පත් කිරීමත්, ඉන්පසු ඔක්ෂිජන් වායු ලෙස වෙන් කර ගැනීමත් සිදු කරන අතර පසුව එය අධිපීඩනයක් යටතේ දැඩි ඝනත්වයක් සහිත සිලින්ඩර් තුළ ගබඩා කරමින් ඔක්සිජන් සිලින්ඩර් නිර්මාණය වේ. සමාන්‍ය වෙළද පොළේ ඔක්සිජන් සිලින්ඩරයක් අලෙවි කරන ලද්දේ රුපියල් 23,000.00 – 25,000.00ත් අතර මුදලකට ය. රෙගියුලේටරයක් අලෙවි කරන ලද්දේ රුපියල් 10,900.00ක මුදලකට ය. සිලින්ඩරය සහ රෙගියුලේටරය සම්බන්ධ කරන ෆ්ලෝ මීටරයක් රුපියල් 1,800.00ක මුදලකට අලෙවි වේ.

මේ වන විට කළුකඩ වෙළෙඳපොළේ ඔක්ෂිජන් සිලින්ඩරයක මිල රුපියල් 60,000.00 ඉක්මවා ගොස් ඇති ඔහුන්ගේ ඉලක්කය වි ඇත්තේ පෞද්ගලික පාර්ශ්වයන් විසින් නිවාසවල අවශ්‍යතාවක් වුවහොත්, ප්‍රයෝජනයට ගැනීම සඳහා මේ සිලින්ඩර් විකිණිමටය.

ඔක්ෂිජන් සිලින්ඩරයක් සදහා අවශ්‍ය සිලින්ඩර්, රෙගියුලේටර් ඇතුළු අනෙකුත් උපකරණ ප්‍රමාණවත් පරිදි රටතුල තිබේද යන්න මේ වනවිට ප්‍රශ්ණයක් වෙමින් තිබේ. මන්ද පසුගිය දිනවල ඉන්දීයාවේ ඇතිවු සිද්ධියට ප්‍රධාන හේතුව වුයේ ඔක්ෂිජන් සිලින්ඩර සදහා අදාළ උපකරණ නොමැති වීම ය.