counter hit xanga
October 18, 2021

පාදෙණියගේ වැඩ හෙළාදකි!

SRI LANKA SCHOOLS OF AGRICULTURE PAST STUDENTS GENERAL ASSOCIATION lankaecast

Last Updated on June 15, 2021 by Panduka Herath

කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රයේ නිලධාරීන්ගේ අභිමානය හෑල්ලූවන ආකාරයට පදනම් විරහිතව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ GMOA සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කල ප්‍රකාශය දැඩි සේ හෙලා දකින බව SRI LANKA SCHOOLS OF AGRICULTURE PAST STUDENTS’ GENERAL ASSOCIATION -SAPSA හෙවත් කෘෂිකර්ම විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, ළමා ස්නායු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් රජයේ කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රයේ නිලධාරීන් පිළිබඳව දැක්වූ අදහස් කිසිම පදනමකින් තොරවන අතර, පිළිගත් වෘත්තීයවේදියෙකු ලෙස තම වෘත්තියටද නොගැලපෙන අයුරින් ද්වේශ සහගතව සිදුකොට ඇති බවයි ශ‍්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය සිය නිවේදනයෙ පෙන්වා දි ඇත්තේ.

ASPA