Last Updated on November 14, 2022 by Lankae Cast
ජනාධිපති රනිල් වික්‍රමසිංහ “ත්‍රස්තවාදීන්” විදියට නම් කරල තියෙන වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන මෙන් ඉල්ලා සාමකාමී පාගමනක යෙදුණු කාන්තාවන් දෙදෙනෙකු සහ පොලිස් කානතාවන්ට එරෙහිව පානදුරේ තග් පොලිස් නිලධාරියා මුදා හල ප්‍රචණ්ඩත්ව ගැන මහජන කෝපය උත්සන්නවෙමින් තියෙනව.
ඒ කෝපය නිසාම සාමාන්‍ය පරීක්ෂණයක් විදියට ආරම්භ වූ ඔහුට එරෙහි විමර්ෂණ පොලිස් විශේෂ විමර්ශණය ඒකකයට (SIU) භාරදීමටත් පොලිස්පතිවරයාට සිදුවෙලා.
ඇත්තටම මහජනතාව නෙමෙයි පොලිසියේ බොහෝ දෙනෙකුත් පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක පින්ටෝගේ ප්‍රචණ්ඩත්වය දැඩිව හෙලා දකිනවා.
“Sandeshaya by Saroj” නාලිකාව එක්ක කතා කළ පොලිසියේ බොහෝ දෙනෙක් කිවුවේ මහජන කෝපය නොවුණා නම් මේ පරීක්ෂණයත් නිකම්ම යටයන්නත් පුළුවන් කියල.
ඇත්තටම එහෙම කියන්න හේතුවකුත් තියෙනව.
ආණ්ඩුව පින්ටෝ පානදුර දකුණ HQI විදියට පත්කරන වෙලාවේ – ඒ කියන්නේ උසස්වීමක් දෙන වෙලාවේ – යාපනයේදී පොලිස් කාන්තාවන්ට ලිංගික අතවර කිරීම ගැන ඔහුට විරුද්ධව පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වමින් හිටපු බව “Sandeshaya by Saroj” ට අනාවරණය වෙනවා.
බොහෝ දෙනා කියන්නේ පරීක්ෂණ පවත්වන අතරෙ පින්ටෝ ගේ වැඩ තහනම් කළ යුතුයි කියල.
නමුත් ඔහු උසස්වීමක් ලබන්නේ ඊටත් වඩා බරපතල චෝදනාවක් ගැන විමර්ශනයක් පැවැත්වෙමින් තියෙන වෙලාවක.
කොහොමවුණත් මේක පින්ටෝ ගැන විතරක් කතාවක් නෙමෙයි.
මේක මේ රටේ නීතියේ පාලනය බිඳවැටීම ගැන කතාවක්; නීතිය කඩන, මානව හිමිකම් බල්ලට දාන, පොලිසිය, හමුදාව, දේශපාලකයෝ වගේ මෙකි නොකී බලවතුන්ට රටේ නීතිය බලපවත්වන්නේ නැතිවීම ගැන කතාවක්; ලෝකෙන් හිඟා කාල ආර්ථිකය ගොඩගන්න හදන ලංකාව ලෝකය ඉදිරියේ අපකීර්තියට පත්වීම ගැන කතාවක්; Tourist ල එන්නේ නෑ කියල පාරට බැහැල කුණුහරුප කියන චෙෆ්ලට පේන්නේ නැති රටේ නීතිය බිඳවැටීම ගැන කතාවක්.
පොලිසියේ විශ්වාසවන්තම ආරංචිමාර්ග කියන විදියට පින්ටෝ මේ සේරම වැඩ දාන්නේ දේශබන්ධු තෙන්නකෝන් ගේ බලය අතට අරගෙන.
මැයි 09 වෙනිදා අරගලයට එල්ල කල ම්ලේච්ඡ ප්‍රහාරයට දේශබන්ධුත් චුදිතයෙක්. ඒ විතරක් නෙමෙයි, මිනිහ කොළඹින් පිටට මාරු කරන්න කියල අභියාචනාධිකරණය පොලිස්පතිට නියෝගයක් දීල ගොඩක් කල්.
ඒත් මිනිහ තාම කොළඹ.
මේක පින්ටෝ, දේශබන්ධු නැත්නම් තවත් පොලිස්කාරයෙක් ගැන විතරක් කතාවක් නෙමෙයි.
රාජපක්ෂලාගේ පිහිටෙන් බලයට ඇවිත්, රාජපක්ෂලාගේ හිරකාරයෙක් වෙලා ඉන්න රනිල්ගේ පාලනය යටතේ ලංකාවේ නීතිය වල් වැදිලා තියෙන හැටි ගැන කතාවක්.
IMF එකෙන් ණය ඉල්ලන, යුරෝපයේ GSP+ සහනය තියාගන්න දඟලන ආණ්ඩුව නීතිය බල්ලට දාල තියෙන හැටි ගැන කතාවක්.
දැන් දවස් කීපෙකට කලින් Anusha David ව්‍යාපාරික කාන්තාවගේ සේවකයෙක් බල්ලත් අරගෙන එලියට ගියාම identity card එක නෑ කියල ඇරෙස්ට් කරලා.
හැඳුනුම්පතක් නෑ කියල ඇරෙස්ට් කරන්න ලංකාවේ නීතියක් නෑ.
ලෝයර් කෙනෙකුත්, හර්ෂ ද සිල්වාත් පොලිසියට කතාකළත් පොලිසිය කතාකරන්නවත් බෑ කියල.
අන්තිමටත් හර්ෂත්, සාලිය පීරිසුත් පොලිස්පතිට පැමිණිලි කලාම තමා සේවකයා නිදහස් කරලා තියෙන්නේ.
ලංකාවේ පොලිසියට අද අසීමිත බලයක් ලැබිල තියෙන්නේ ඒ විදියට.
ගොඨාභය පැනල ගියපු ගමන් නීති විරෝධී විදියට හදිසි නීතිය දාපු අගමැති රනිල්, ජනාධිපති වෙලා නීති විරෝධී විදියට High Security Zone දාපු ජනාධිපති රනිල් රටේ නීතිය පාගල දාල තියෙන්නේ ඒ විදියට.
තවදුරටත් අපිට මේ සියල්ල නොදැක්ක වගේ ඉන්න පුළුවන් කියල මම හිතන්නේ නෑ.
– සරෝජ් පතිරණ (Saroj Pathirana)
More Stories
මඳ කිපුනු තනි අලියා වට කරගත් සුඳු අලි රෑන
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි