Last Updated on May 21, 2021 by Desman Chathuranga
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමේ ප්‍රතිපලය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ SLPP තීරණය කර තිබේ.
පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ බහුතර ඡන්දයෙන් වුවද පාර්ලිමේන්තුවේ සිදුවු තාක්ෂණීක දෝෂ හේතුවෙන් ප්‍රථිපලයට බලපෑමක් වි ඇති බවයි එම පක්ෂයේ මතය වි ඇත්තේ.
පනතට පක්ෂව ප්‍රතිපලය 148 ක් සහ ඊට එරෙහිව 55 ක් ලෙස ඡන්ද ප්‍රතිපලය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අලි සබ්‍රී සහ ජයරතන හේරත්ගේ ඡන්ද ඇතුළත් කර තිබු නැති බවයි එම පක්ෂය පෙන්වා දෙන්නේ.
ඡන්ද ගණන් කිරීම නිසියාකාරව ප්‍රකාශයට පත් කළේ නම් පනතට පක්ෂව 2/3 ක බහුතරයක් ලැබෙනු ඇති බවයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පෙන්වා දෙන්නේ.ඒ අනුව ඒ සදහා පරීක්ෂණයක් කැඳවීමට තීරණය කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත් කරන බවත් එම පක්ෂය වැඩිදුරටත් සදහන් කර සිටියා.
මේ අතර කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනතට පක්‍ෂව පාර්ලිමේන්තුවේදී ඡන්ද 150ක් ලැබුණු බවත් එය 148ක් ලෙස ගණනය වී ඇත්තේ කිසියම් දෝෂයක් නිසා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද පැවැති මාධ්‍ය හමුවකදිද සදහන් කළා.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ආර්ථිකයට සුවිශේෂී පනතක් වන වරාය නගර පනත තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත වූ අවස්ථාවක එය නිසි ආකාරයෙන් නොදැක්වීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී ඇති බවයි.
එය කිසියම් සැලසුම් සහගත ක්‍රියාවක්ද යන්න සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර ඒ සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ද කාරියවසම් මහතා සඳහන් කරයි.

[url=http://cheapdrugs.store/#]ed meds pills drugs[/url]
how much is propecia propecia finasteride proscar
stromectol price usa stromectol for humans for sale stromectol 3 mg tablets price