Last Updated on June 7, 2021 by Panduka Herath
මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට(8) දිනයට පමණක් සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කර තිබේ.ඒ අනුව හෙට පාර්ලිමේන්තු රැස්වීම පෙරවරු 10 සිට පස්වරු 4:30 දක්වා පැවැත්විමට නියමිතයි. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පෙරවරු 9.30ට රැස්වුනා.
අවසාන පාර්ලිමේන්තු රැස්වීමේදී පාර්ලිමේන්තුව හෙට(08) වනදා දක්වා කල් තැබූ හෙයින් හෙට රැස්වීම අනිවාර්යෙන්ම පැවැත්විය යුතුව තිබේ. කෙසේවෙතත් කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තු සේවකයන් එහි කැඳවීම ඇතුලු ගැටලු රැසක්ම නිසා හෙට දිනයෙ පමණක් පාර්ලිමේන්තුව රැස්විමට නියමිතයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ඇතුලු පාර්ලිමේන්තු සේවකයෝ පිරිසක් ද පසුගිය දිනවල සෞඛ්‍ය අංශ විසින් කොවිඩි ආසාදිතයින් ලෙස හඳුනා ගනු ලැබුවා.
More Stories
මෛත්‍රී,සජිත් අර්බුදයක! විපක්ෂ නායකකමත් නැති වෙන පාටක්!
ණය සහන දෙන්න G7 පෙරට එයි! ජපානයෙන් ඩොලර් මිලියන 1.5 ක්!
අගමැතිත් නෑ,ඇමති මණ්ඩලයත් නෑ! අධ්‍යාපන ලේකම් ලියුම් ගහලා!