Last Updated on September 15, 2022 by Desman Chathuranga
ජනාධිපති වික්‍රමසිංහගේ සහ ඇමති විජේදාස රාජපක්ෂගේ පුරසාරම් දෙඩීම කෙසේ වුවත්, 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත ද දහනව වැනි සංශෝධනයට වඩා බෙහෙවින් දියාරු එකක් බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර්ජාතික ජාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
ජනතාවට දුන් පොරොන්දුව අනුව 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත ජනමත විචාරණයකට ඉදිරිපත් කර සම්මත කරනු!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ප්‍රකාශය
පසුගිය 06 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද 22වන සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ශ්‍රී ලාකිකයින්ගේ ජාත්‍යන්තර ජාලයෙහි කනස්සල්ලට හේතු වෙයි. `
ඊට හේතුව නම් පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවත් ආපස්සට ගෙන යැමය. තවද එම තීන්දුව විධායක ජනාධිපති ක්‍රමය ශක්තිමත් කිරීමේ බලපෑමක් ඇති කරයි. ශ්‍රී ලාංකිකයින්ගෙන් සියයට 80 තරම් විධායක ජනාධිපති ක්‍රමය අහොසි කළ යුතු බවට අදහස් දක්වා තිබෙන අවස්ථාවක 19වන ව්‍යවස්ථා සංශෝධනය පවා ආපස්සට ගෙන යෑම කනගාටුවට කරුණකි.
අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට ඇති බලය ඉවත් කිරීමට නම් සහ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමේදී ජනාධිපතිවරයා අගමැතිවරයාගේ උපදෙස් මත ක්‍රියා කළ යුතුය යන 19වන ව්‍යවස්ථා සංශෝධනයේ වූ ප්‍රතිපාදනය ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවෙහි තුනෙන් දෙකක ජන්දයකින් අනුමත කළ හැකි බවට 2015 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරන ලදී. නමුත් පසුගිය 06දා ප්‍රසිද්ධ කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව අනුව ඒ සදහා ජනමත විචාරණයක් අවශ්‍ය ය.
එකම කරුණක් පිළිබදව වසර කිහිපයක දී ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇත්තේ වෙනස් තීරණ දෙකකි.
ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියා බවත් ජනාධිපතිවරයා මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගත යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වැනි ව්‍යවස්ථාවේ ප්‍රකාශ කර ඇති නමුත් ඒවා සංශෝධනය කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවට ව්‍යවස්ථාවේ ( අංක 83) දක්වා නැත.
මෙම තීන්දුව මගින් රනිල්-රාජපක්ෂ ආණ්ඩුව සිය විසි දෙවැනි සංශෝධන පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දහනවවැනි සංශෝධනය යටතේ තිබූ තත්ත්වයට ගෙන යෑමක් ලෙස කරන ලද ප්‍රකාශය ව්‍යාජයක් බවට පත් වෙයි.
ජනාධිපති වික්‍රමසිංහගේ සහ ඇමති විජේදාස රාජපක්ෂගේ පුරසාරම් දෙඩීම කෙසේ වුවත්, එම පනත් කෙටුම්පත ද දහනව වැනි සංශෝධනයට වඩා බෙහෙවින් දියාරු එකක් විය.
විශේෂයෙන්ම එම දියාරු බවට සහ කනස්සල්ලට හේතු වන්නේ 22 වන සංසෝධනය යටතේ පිහිටුවෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නව සංයුතිය බලයේ සිටින රජයට පක්ෂව බර කර තිබීමයි.
තවද ව්‍යවස්ථා මණ්ඩලය මගින් කරන පත් කිරීම් සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය අත්‍යවශ්‍ය බවත් මෙම තීන්දුව අනුව ගම්‍ය වේ. එය ද 19වන සංශෝධනයෙන් ආපස්සට යෑමකි.
දැන්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු යෝජිත 22වන සංශෝධනය හුදෙක් පාර්ලිමේන්තුවේහි 2/3 ඡන්දයකින් පමණක් සම්මත කරන්නේ නම් එය තවත් වඩා දියාරු එකක් බවට පත් වනු ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය 2015 දී ගත් ස්ථාවරයට අනාගතයේදී නැවත යනු ඇතැයි බලාපොරොත්තු වෙමු. අප ආණ්ඩුවට බල කර සිටින්නේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගැළපෙන සේ අනුව සැර බාල වන ලෙස සංශෝධනය නොකර, එම තීන්දුව විසින් දක්වා ඇති අනෙක් විකල්පය පරිදි වැඩි දියුණු කරන ලද සම්පූර්ණ පනත් කෙටුම්පත තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත කර එය ජනමත විචාරනයකදී ජනතාව ඉදිරියේ තබන ලෙසය.
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට දේශපාලන පක්ෂ එකඟ නොවන්නේ නම් තමන් ජනමත විචාරණයක් කැඳවන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.
මාස හයක් තුළ ජනමත විචාරණයක් පැවැත්වීමේ හැකියාවක් ඇති බව පිළිගෙන ඇති තත්වය යටතේ වඩාත් පරිපූර්ණ කරන ලද විසි දෙවැනි සංශෝධනයකට ජනතා කැමැත්ත ලබාගැනීම සඳහා ජනමත විචාරණයක් නොපැවැත්වීමට හේතුවක් අපට නොපෙනේ.
එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ශ්‍රී ලංකිකයින්ගේ ජාත්‍යන්තර ජාලය ආණ්ඩුවට කියා සිටින්නේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජනතාවට දුන් පොරොන්දුව අනුව ක්‍රියා කරන ලෙසත් වඩාත් දියුණු කරන ලද ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ජනතාවගේ අනුමැතිය ලබා ගැනීමට පියවර ගන්නා ලෙසයි.
International Network for Sri Lankan Democracy
Statement on the 22nd Amendment to the Constitution Bill
The Ranil-Rajapaksa Government described the Twenty-Second Amendment Bill as one that will take the Constitution to what it was under the Nineteenth Amendment. Despite the boasts of President Wickremesinghe and Minister Wijedasa Rajapakse, the Bill fell much short of what the Nineteenth Amendment was. Particularly worrying is the new composition of the Constitutional Council, which is weighted in favour of the Government in power.
The determination of the Supreme Court on the Bill takes the Constitution still more backwards and has the effect of strengthening the Executive Presidency. The Supreme Court has held that a referendum is required if the power of the President to remove the Prime Minister is to be taken away and if the President must act on the advice of the Prime Minister in appointing Ministers and Deputy Ministers. These are provisions that the Supreme Court held in 2015 do not require a referendum. The provisions of the Constitution in Article 30 that state that the President is the Head of the Government and that the President should be elected by the people are not listed in Article 83 as requiring a referendum to amend.
While hoping that the Supreme Court would in the future go back to the position it took in 2015, we call upon the Government not to amend the Bill in Parliament but to pass it by a two-thirds majority and place it before the People at a referendum.
More Stories
අධිකරණයට සහ මාධ්‍ය ආයතන වලට සිදුකරන බලපෑම හෙලා දකිමු!
ප්‍රජාතන්ත්‍රවාදය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආණ්ඩුවට උපදෙස් – ජෙහාන් පෙරේරා
දැන් මැතිවරණයට දින නියම වෙන්නේ කාගේ වාසියකටද?