counter hit xanga
October 26, 2021

පාස්කු ඝාතකයන්ට නඩු පැවරීම වේගවත් කරයි!

Last Updated on May 29, 2021 by Panduka Herath

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඉතුරු සැකකරුවන් ට ඉදිරි සති කිහිපයේදී නව නීතිපතිවරයා විසින් නඩු පැවරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

අඩුපාඩු පැවති විමර්ශන ලිපිගොනුවලින් සියයට 75ක් පමණ සම්පූර්ණ කර නීතිපති දෙපාර්තමේන්තුවට නැවතත් යැවිමට කටයුතු කර ඇති අතර ඉතිරි සියයට විසි පහ ලැබුණු පසු නඩු පැවරීමට කටයුතු කරන බවයි.

නඩු පැවරීම් කටයුතු ඉක්මන් කර ගැනීම සඳහා නීතිපතිවරයා සමග කටයුතු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් 54 දෙනෙකු පත් පත් කිරිමටද කටයුතු කර තිබේ. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකරුවන් තිස් දෙදෙනෙකුට අදාළව නඩු නවයක් මේ වනවිට පවරා තිබේ.