Last Updated on April 28, 2022 by Desman Chathuranga
රසායනික පොහොර මිල ඉහල යාම , ඉන්ධන මිල ඉහල යාම ඇතුළු කෘෂිකර්මාන්තයට අදාල ගැටළු වලට වහාම විසදුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ සේවකයින් (27) දින දිවා ආහාර පැයේදි නුවරඑලිය තැපැල් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.
ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරනු, ජන පිඩක ආණ්ඩුව ජන මගයට ගරු කරනු යනු මැයෙන් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව සහ පලාත් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ සේවක එකමුතුව විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.
නුවරඑලිය මහ නගර සභාව අසලින් ආරම්භ කල උද්ඝෝෂණය නුවරඑලිය තැපැල් කාර්යාලය අසලට පෙලපාලියකින් පැමිණ උද්ඝෝෂණය පැවැත්වුහ.
මෙම උද්ඝෝෂණයට සහභාගි වු කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ සේවකයින් කියා සිටියේ රසායනික පොහොර මිල ඉහල යාම , ඉන්ධන මිල ඉහල යාම ඇතුළු කෘෂි ගැටළු රැසක් හේතුවෙන් මෙරට තුල ආහාර සුරක්ෂිතතාවයට ගැටළුවක් මතු වි ඇති බවයි.
කඩනමින් ගොවියා රැක ගැනිමට රජය කටයුතු කල යුතු බවයි උද්ඝෝෂණයේ නියැලි සිටි කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ සේවක සේවිකාවන් කියා සිටියේ.
හැටන් රංජිත් රාජපක්ෂ






More Stories
මැතිවරණ කල්දැමීම මගින් ‘ක්‍රමය’ වෙනස් කිරීමේ අවශ්‍යතාව නතරවන්නේ නැත – ජෙහාන් පෙරේරා
Sri Lanka: Status of female workers in Plantation sector
ඉන්දිය මානුෂිය ආධාර වතුකරයේ අඩු අදායම්ලාභි පවුල් වෙත බෙදා හරි!