Last Updated on June 5, 2021 by Panduka Herath
පවතින සංචරණ සීමා මැද ජනතාව නිවසටම වී රැඳී සිටින්නේ නම් එළඹෙන 14 වනදායින් පසු යම් ආකාරයකට රට විවෘත කිරීමට හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ අනුව රට විවෘත කිරීමේ තීරණය පවතින්නේ ජනතාව අතේ බවත් ජනතාව මේ අවස්ථාවේදී නිරෝධායන රෙගුලාසි පිළිපදිමින් සෞඛ්‍ය අංශවලට උපරිම සහාය ලබාදිය යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සදහන් කළා.
අත්‍යවශ්‍යම කටයුත්තකට හැරෙන්නට වෙනත් කිසිදු කාරණයකට නිවසෙන් පිටව නොයෙන ලෙසත් නිරෝධායන රීති ආරක්ෂා කරමින් කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ වෙත සහයෝගය ලබාදෙන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.
More Stories
තෙල් මිල ඉහළ ගිය රහස!
පොහොට්ටුවේ “කහ සෙල්ලම” ගැන සජිත් කියයි!
භුමිතෙල් රු200කින් ඉහලට! ඉන්ධන මීලත් ඉහලට!