Last Updated on June 17, 2021 by Panduka Herath
ගිනිගෙන මුහුදුබත් වූ X-Press Pearl නෞකාව හේතුවෙන් සිදුවිය හැකි හානිය දීර්ඝ කාලයක් පවතින බවත් එබැවින් නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරීමට රජය සහ අනෙකුත් ආයතන කටයුතු කිරීම වැදගත් බවත් පරිසර අමාත්‍යාශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
නෞකාවේ වර්තමාන බලපෑම සම්බන්ධව දැනුවත් කිරීම සඳහා අද(17) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ලේකම්වරයා කියා සිටියේ මෙම නෞකාවෙන් සමුද්‍රයට වුණු හානිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු අවශ්‍ය අවස්ථාවේදී නොලැබීමත්, මහජනතාවට ඉන් විය හැකි හානි පිළිබඳ නිසි ලෙස දැනුවත් නොකිරීමත් නිසා ජන මනසට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.
මේ කැස්බෑවුන් ඇයි දවස ගානේ මේ විදියට ගොඩගහන්නේ?
කැස්බෑවන් දවස ගානේ මරණයට පත්ව ගොඩබිමට පැමිණිම සම්බන්ධයෙන් අදහස් දැක්වු පරිසර අමාත්‍යාශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා
“හැමදාම රූපවාහිනියේ පෙන්නවා. මේ දර්ශනය බොහොම Depression එකකට ඇදලා දාන දර්ශනයක්. එතකොට ඒවගේ ම මාළු ආහාරයට ගන්නවද කියන ගැටළුව. මෙවැනි වික්ෂිප්තභාවයන් තියෙනකොට මෙවැනි තාක්ෂණික කණ්ඩායම්, තාක්ෂණික කණ්ඩායම් නියෝජනනය කරන රජයේ ආයතන හැකි ඉක්මනින් ජනතාවට මනසේ ඇති ගැටළු, ප්‍රශ්න සම්බන්ධයෙන් යම් කිසි ආකාරයකට දැනුවත් කිරීමක් අවශ්‍ය වෙනවා.”
“මේ ආපදාව මේක මෙතනින් නවතින්නේ නැහැ. මේක තවදුරටත් කළමනාකරණය කිරීම දීර්ඝ කාලීනව සිද්ධවෙනවා. ඒ නිසා මේක මිනිස්සුන්ට යම් කිසි බලාපොරොත්තුවක් ඇති වන ආකාරයට වරින් වර ජනතාව මේ සම්බන්ධයෙන් සම්බන්ධ කරගෙන කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ වගේ ම මේ නෞකාව තවමත් මුහුදේ තියෙනවා. මේ නෞකාවේ ඉතිරි කන්ටේනර් හැකි ඉක්මනින් ඒ පරිසර පද්ධතියෙන් ඉවත් කරගැනීම අවශ්‍ය වෙනවා. මේ කන්ටේනර තවදුරටත් තිබීම තුළ අපි දන්න සහ නොදන්න පරිසර ගැටළු, පරිසර කාන්දු වෙන්න පුළුවන්.”
https://buystromectolon.com/ – Stromectol
priligy near me
[url=http://cheapdrugs.store/#]best male enhancement[/url]
ivermectin without a doctor prescription stromectol for humans for sale stromectol for sale