Last Updated on June 22, 2021 by Desman Chathuranga
තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යා සදාසිවම් වියාලේන්ද්‍රන් (S. Viyalendiran) මහතාගේ නිවස ඉදිරිපිට සිදුවු වෙඩි තැබිමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්විමට එරෙහිව ප්‍රදේශයේ විරෝධතා දියත් වන බව වාර්තා වේ. අමාත්‍යවරයාගේ රූපය රැගත් පුවරුවක් ගිනි තබමින් එම විරෝධය දක්වා ඇති බවයි වාර්තා වන්නේ.
සදාසිවම් වියාලේන්ද්‍රන් මහතාගේ මඩකලපුව, සින්නිවුර්නි ප්‍රදේශයේ පිහිටි සිය නිවස ඉදිරිපිටදි මෙම වෙඩි තැබීමක් සිදුව තිබේ.එම වෙඩි තැබීමෙන් වැලි ටිපර් රථ රියදුරෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. අමාත්‍යවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් ආරක්ෂකයෙකු විසින් මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවද වාර්තා වේ.
පොලිසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂණ පවත්වා ඇති අතර ඝාතනයට ලක්වූ වැලි ටිපර් රථ රියදුරා සහ අදාළ පොලිස් නිලධාරියා අතර මීට දින කිහිපයකට පෙර බහින්බස් වීමක් සිදුව තිබෙන බවද උතුරේ දමිළ මාධ්‍ය අනාවරණය කර තිබේ.
අද දින අදාළ ටිපර් රථ රියදුරා ත්‍රිරෝද රථයකින් ගමන්කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ.
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි