counter hit xanga
March 26, 2023

රතුපලසක් උඩින් උතුරට ගිය රනිල්ට ජනතා විරෝධය!

Last Updated on November 19, 2022 by Desman Chathuranga

පාර්ලිමේන්තුවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පත්කරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වවුනියාව සංචාරයට දැඩි විරෝධයක් එල්ල වි තිබේනවා.

යුද සමයේ අතුරුදහන්වූවන් සොයාගැනීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩලබාදෙන ලෙස ඉල්ලා වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අද(19) විරෝධතාවක නිරත වු බවයි උතුරේ ආරංචි මාර්ග සදහන් කළේ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමෙන් අනතුරුව උතුරු පළාතේ සංචාරය කරන පළමු අවස්ථාව වන අතර එයට විරෝධය දක්වමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් එලෙස විරෝධය දැක්විය.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් ජනාධිපතිවරයා පැමිණෙන මාර්ගය අසල විරෝධතාවය පැවැත්වීමට සැලසුම් කොට තිබූ අතර වවුනියාව පොලිස් නිලධාරීන් විසින් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමඟ දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් හටගෙන තිබේ.

ජනාධිපතිවරයා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා පැමිණ සිටි අතර ඔහු පිලිගැනිම සදහා හමුදාව යොදා රතු පලසක් ද යොදා තිබු බවයි අප වාර්තාකරු සදහන් කළේ. ඒ අතරතුර අතුරුදහන්වූවන්ගේ ඥාතීන් කළු කොඩි ඔසවමින් හා අතුරුදහන්වූවන්ගේ ඡායාරූප පෙන්වමින් පවසා සිටියේ තමන්ගේ ගැටළුවට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙසත්ය.

ජාත්‍යන්තරය සමඟ සබඳතා තිබෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ යුද සමයේ අතුරුදහන්වූවන් පිළිබඳ සොයාබැලීමට ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩලබාදෙන ලෙසද අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඉල්ලා සිටියා.

පොලිසිය සහ ජනාධිපති ආරක්ෂ අංශ සහ හමුදාව යොදාගනිමින් වවුනියාව කාන්තා පොලිස් නිලධාරිනියන් ගෙන්වා විරෝධතාකරුවන් එක්තැනකට රැස්කොට ඔවුන්නට හඬනැගීමට නොහැකිවන සේ රැකවල් යොදා බාදා කරමින් විරෝධතාකරුවන් මෙල්ල කිරීමට කටයුතු කළ අයුරු දැකගත හැකි.