counter hit xanga
March 26, 2023

ජනතාවගේ සෞඛ්‍ය අයිතියත් අභියෝගයක්!

Last Updated on October 5, 2022 by Desman Chathuranga

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය පිළිබඳ අයිතිය අභියෝගයට ලක් කර ඇති බවත්, අත්‍යාවශ්‍ය සහ ජීවිතාරක්ෂක ඖෂධ මෙන්ම වෛද්‍ය උපකරණ හිඟය ආර් ථික අර් බුදය උග්‍ර වීමත් සමඟ බරපතල ප්‍රශ්නයක් වී ඇති බවත් ඇමිනෙස්ටි ජාත්‍යන්තර සංවිධානය සඳහන් කොට තිබෙනවා.

ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් කඩ වීම පිළිබඳ නිකුත් කළ නවතම වාර්තාව වන “අපි සම්පූර්ණ කඩාවැටීමක් අභියස” හි එම සංවිධානය මේ බව සඳහන් කොට තිබෙනවා.

එන්නත් මගින් රෝගීන්ට ලබා දෙන පොටෑසියම් ක්ලෝරයිඩ්, ප්‍රතිජීවක ඖෂධ, ඉන්සියුලින් සහ ළමයින් සඳහා අවශ්‍ය ප්‍රමාණවල වෛද්‍ය උපකරණවල හිඟයක් තිබෙන බව ඉකුත් ජූනි මස ළමා ශල්‍ය වෛද්‍යවරයෙක් ඇම්නෙස්ටි සංවිධානයට ප්‍රකාශ කළ බව එම වාර්තාව අනාවරණය කළා.

රජයේ රෝහල්වල ඇතැම් ඖෂධ තොග නොමැති වීම හේතුවෙන් රෝගියෙකු ඇතුළත් වනවිට පුද්ගලික ඔසුසලකින් එම ඖෂධ රැගෙන ඒමට පවසන බවත් එසේ රැගෙන ඒමට මුදල් නොමැති රෝගීන් ආපසු හැරී යන බවත් වෛද්‍යවරයෙකු ප්‍රකාශ කළ බව ත් එම වාර්තාව පෙන්වා දෙනවා.

ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණවත් ආහාර වේලක් ලබා ගැනීමේ අයිතියද අභියෝගයට ලක්ව ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ. ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම, ජීවනෝපායන් අහිමි වීම සහ ලැබෙන අදායම අඩුවීම හේතුවෙන් ප්‍රමාණවත් හා පෝෂ්‍යදායි ආහාර වේලක් මිලදී ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට ඇති හැකියාව අවහිර වී හෝ ආහාර වියදම් වෙනුවෙන් වැඩි මුදලක් වෙන්කිරීමට සිදුව ඇති බවද එහි සඳහන්.