Last Updated on May 25, 2021 by Desman Chathuranga
සංචරණ කාලසිමාවෙදි තම හිතවතුන්ට ගමන් කිරීමට පාර්ලිමේන්තු ශීර්ෂ පාඨය යටතේ පුද්ගලික ලිපි මගින් අවසර පත් නිකුත් කල පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා පිළිබදව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ .පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා යටතේ මෙම විමර්ෂණය ආරම්භ කර තිබේ.
සමස්ථ ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා විසින් පුත්තලමේ සිට වව්නියාවට යාමටත්, විවිධ අවශ්‍යතා සදහා ගමන් කිරීමටත් තම හිතවතුන්ට ලිපි නිකුත් කර තිබු අතර ඒ සම්බන්ධයෙන් ලැබුනු පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ෂණය ආරම්භ කර ඇත්තේ.
මෙම අවසර පත්‍රයේ පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නම මෙන්ම ජංගම දුරකතන අංකයද යොදා තිබේ.සාමාන්‍යයෙන් මෙවැනි අවසර පත් නිකුත් කිරීමට බලතල ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට හෝ දිස්ත්‍රික් ලේකම්වරුන්ට පමණි.
අලි සබ්‍රි රහීම් යනු රිෂාඩ් බදුර්දීන් මහතාගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරයකු වුවත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයටද පක්ෂව ඡන්දනය භාවිතා කල අතර පසුව වරාය නගර පනතට සහාය දක්වා ජන්දය භාවිත කිරීම හේතුවෙන් මේ වනවිට ඒ මහතාගේ පක්ෂ නායකත්වය අත්හිටුවීමට එම පක්ෂය කටයුතු කොට ඇත.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?